දේශීය පුවත්

දෛනිකව වර්ධනය වන මෙරට විදුලි ඉල්ලුමට සරිලන විදුලි සැපයුමක් ලබාදීම මෙන්ම, මිල අධික විදුලි උත්පාදන ක්‍රමෝපායන්ගෙන් බැහැරවීම තුලින්

පාරිභෝගික ජනතාවට සහන සැලසීම අරමුණු කරගනිමින්, පුනර්ජනනීය ක්‍රමවේදයන්ට අමතරව වෙනත් මිල අවම විදුලි උත්පාදන ක්‍රමවේදයන් වෙත ශ්‍රී ලංකාව අනුගත කරවීමේ හැකියාව පිළිබදව සොයාබැලිය යුතු බවත්, ඒ සදහා තම රටේ සහාය සැපයීමට සූදානම් බවත් රුසියානු තානාපති යූරි බී. මාතෙරි ((Yury B. Materiy) පවසයි.

රුසියානු තානාපතිවරයා එබව කියා සිටියේ, (17) පස්වරුවේ විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ සමග එම අමාත්‍යාංශ පරිශ්‍රයේ පැවති නිල සාකච්ඡාවකට සහභාගි වෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ තානාපතිවරයා පවසා සිටියේ, න්‍යෂ්ඨික ශක්තිය වැනි නව ප්‍රභවයන් තුළින් මිල අවම විදුලි උත්පාදනය කිරීමේ හැකියාව පිළිබඳව සොයාබලා, ශ්‍රී ලංකාවට සහාය වීමට හැකි බවයි.

මේ වනවිට ශ්‍රී ලංකාවේ බලශක්ති ක්ෂේත්‍රය පුනර්ජනනීය ප්‍රභවයන් වෙත යොමුවි ඇති බවත්, වසර 2030 වනවිට ජාතික පද්ධතියට පුනර්ජනනීය බලශක්ති දායකත්වය 70% දක්වා වර්ධනය කිරීමේ ඉලක්ක වෙත තමන් ප්‍රමුඛ අමාත්‍යාංශය යොමු වෙමින් සිටින බව පැවසූ විදුලිබල අමාත්‍යවරයා, තම රටේ විදුලිබල ක්ෂේත්‍රයේ ප්‍රගමනය වෙනුවෙන් මේ ආකාරයෙන් රුසියානු රජයේ අවධානය යොමුවීම පිළිබදව සිය ප්‍රසාදය පළකළේය.

මෙම අවස්ථාවට සූර්යබල, සුළං සහ ජල විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක, විදුලිබල අමාත්‍යාංශ ලේකම් වසන්තා පෙරේරා ද සහභාගි වී සිටියහ.

මෙරට විදුලි උත්පාදනයට දායකවීම සඳහා මේවනවිට විදෙස් රටවල් කිහිපයක්ම ඉදිරිපත්ව සිටියි. ඇමරිකාව ඒ අතරින් ප්‍රමුඛවේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More