විදේශ පුවත්

ජුලියස් ජෝන්ස් අමෙරිකානු ඉතිහාසයේ සුවිශේෂ සිරකරුවෙකි.

ඔහු මීට පැය කිහිපයකට පෙර විෂ එන්නතක් ලබාදී මරණ දණ්ඩනය ලැබීමට නියමිතව සිටියේය.

නමුත් ඔහු ජීවත්වීමට වරම් ලැබුවේ කිසිවෙක් බලාපොරොත්තු නොවූ ආකාරයට ය.

ඒ, ඔක්ලහෝමා ආණ්ඩුකාර කෙවින් ස්ටිෆ් මැදිහත්වී ජුලියස් ජෝන්ස්ගේ මරණ දණ්ඩනය ජීවිත කාලය දක්වා වූ සිර දඬුවමකට වෙනක් කිරීමට කටයුතු කිරීම හේතුවෙනි.

නමුත් ඔහුට සිරගෙදරින් මිදීමට අවස්ථාවක් නොලැබෙයි.

ප්‍රදේශයේ ජනතාව සහ ශිෂ්‍ය ශිෂ්‍යාවන් දහස් ගණනින් පසුගියදා නගරයේ පාගමනක යෙදුණේ ජුලියස් ජෝන්ස් ගේ මරණ දණ්ඩනය ක්‍රියාත්මක නොකරන ලෙස ඉල්ලමිනි.

1999 වසරේදී සිදුකළ බවට චෝදනා එල්ලවූ මෝටර් රථයක් පැහැරගැනීමකදී සිදුකළ මනුෂ්‍ය ඝාතනයක් හේතුවෙන් 2002 වසරේදී ඔහුට මරණීය දණ්ඩනය නියම වුණි .

නමුත් ජෝන්ස් පවසන්නේ තමා ඊට සම්බන්ධ නොමැති බවය.

ජනප්‍රිය ටෙලිවිෂන් නිළියක් වන කිම් කාර්ඩිෂියන් සහ මරණ දණ්ඩනයට විරෝධය දක්වන කණ්ඩායම් ද ජුලියස් ජෝන්ස් ට ජීවිත දානය දෙන ලෙස ඉල්ලා විවිධ ක්‍රියාමාර්ග ගත්හ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More