වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මාධ්‍යය අමතමින් පවසා සිටියේ මෙරටට විදේශයන්ගෙන් භාණ්ඩ ආනයනය කිරීම සඳහා ඩොලර් විශාල හිඟයක් ඇති වී තිබෙන බවයි.
පසුගිය පාලන සමයේ විදේශ සංචිත වැරදි කළමනාකරණය හේතුවෙන් ඩොලර් සංචිත සිඳීයාම මෙම තත්වය ඇතිවීමට හේතුවී ඇති බව බන්දුල ගුණවර්ධන මහතා පවසා සිටියේය.
එම තත්වය කොරොනා වසංගතය හේතුවෙන් විදේශ මුදල් මූලාශ්‍රයක් සිඳී යාමෙන් තවත් බරපතළ කළ බව පවසන බන්ධුල ගුණවර්ධන මහතා ඩොලර් උපයාගැනීම සඳහා ඩොලර් මුද්‍රණය කිරීමේ කිසිදු හැකියාවක් ශ්‍රී ලංකාවට නැති බව පවසා සිටියේය. මෙම අර්බුදයෙන් ගැලවීම සඳහා විදේශයන්හි සිටින ශ්‍රී ලාංකිකයන් හැකි තරම් ඩොලර් මවුබිමට එවන්නැයි ආරාධනා කර සිටින බවද අවධාරණය කළේය.
කෙසේ වුවද මෙරට ඩොලර් සංචිත ඉහළ නොගියොත් විදේශයන්ගෙන් භාණ්ඩ ආනයනය කිරීම සඳහා කිසිදු ණයවර ලිපියක් නිකුත් කළ නොහැකි තත්ත්වයක් උදා වනු ඇති බව පැවසූ ඒ මහතා මෙම තත්වය යටතේ ඉදිරියේදි සහල් පිටි සීනි පමණක් නොව ඛනිජ තෙල් පවා ආනයනය කර ගැනීමට නොහැකි වුවහොත් මුළු රට ම නතර වනු ඇතැයිද පවසා සිටියේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...