දේශීය පුවත්

ශ්‍රී ලංකාවේ නව කියුබානු තානාපති අන්ද්රේස් මාකෙලෝ ගොන්සාලේස් ගරිඩෝ (Andres Marcelo Gonzalez Garrido ) මහතා සහ ජාතික නිදහස් පෙරමුණේ නායක, කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා අතර රාජ්‍යතාන්ත්‍රික සාකච්ජාවක් පසුගියදා කොල්ලුපිටියේ පිහිටි කර්මාන්ත අමාත්‍යාංශයේදී පැවැත්විණි.

ප්‍රථමයෙන් නව කියුබානු තානාපතිවරයාට අමාත්‍යවරයා සිය සුබ පැතුම් එක් කළේය. ජාතික නිදහස් පෙරමුණ ලෙස තානාපතිවරයාට ඉදිරියේදී අවශ්‍ය සහයෝගය ලබාදීමට තමන් සුදානම් බව අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේය.

ශ්‍රී ලංකාව සහ කියුබාව අතර ඇති දීර්ඝකාලීන මිත්‍රත්වය ඉදිරියටත් පවත්වා ගැනීම සිය අරමුණ බවත් ජාතික නිදහස් පෙරමුණ සහ කියුබාව අතර තවදුරටත් බැදීම් තරකර ගැනීමට තමන් සුදානම් බවත් නව තානාපතිවරයා ප්‍රකාශ කරන ලදී. කියුබාවේ පොල් වගාව ආශ්‍රිත කර්මාන්තය දියුණු කර ගැනීම වෙනුවෙන් තානාපතිවරයා කර්මාන්ත අමාත්‍යවරයාගේ සහාය ඉල්ලා සිටි අතර ඒ වෙනුවෙන් සිය සහයෝගය ලබාදීමට තමන් සුදානම් බව අමාත්‍යවරයා කියා සිටියේය.

මෙම අවස්ථාවට අමාත්‍ය උපදේශක සුනිල් හෙට්ටිආරච්චි, ශ්‍රී ලංකාවේ බ‌ොලිවේරියානු සහයෝගිතා ව්‍යාපාරයේ සම්බන්ධීකරණ ලේකම් ජීවන්ත ජයතිස්ස,  කියුබානු උපාධිධාරින්ගේ සංගමයේ අසිත ඩයස් මහතාද යන මහත්වරු ද එක්ව සිටියහ.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ,
මාධ්‍ය ලේකම්,
කර්මාන්ත අමාත්‍යාංශය
2021.11.18



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More