කාබනික පොහොර පිළිබඳ ජනාධිපතිවරයාගේ සත්භාවයේ ප්‍රතිපත්තියට තමන් කිසිවිටෙකත් අභියෝග නොකරන බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.
කෙසේවෙතත් ඔහු පෙන්වා දෙන්නේ මේ මොහොතේ බොහෝ රටවල් ආහාර අර්බුදයකට සූදානම් වෙමින් ඇති බවය.
“විනාශය වළක්වන්න එකපාර කාබනික පොහොරවලට ගියාට බෑ. විනාශය වළක්වන්න කරන්න ඕනේ ස්වභාවික ගොවිතැනට යොමුවීම. මං ජනපතිතුමාගේ සත්භාවයේ ප්‍රතිපත්තියට අභියෝග කරනවා නෙමෙයි. නමුත් මේ තත්ත්වය අපි තේරුම් ගන්න ඕනේ. දැන් අපේ රජය විදේශයන්ගෙන් සහල් මිලදී ගන්න උත්සාහ ගන්නවා. මම දන්න තොරතුරු අනුව වෙනත් රටවලට තියෙන සහල් දැන් අනෙක් රටවල්වලට දෙන්නේ නැහැ. ආහාර අර්බුදයකට සූදානම් වෙනවා ඔවුන්. අතිරික්තයක් ලෙස ගොඩගසා ගන්නවා. නව යථාර්තය තුළ අලුතෙන් විරෝධතා පවත්වන අයුරු සොයන්න. පරණ සම්ප්‍රදායික මැටි මෝල් ක්‍රමයම අනුගමනය කරන්න එපා. නිව් ෆෝට්රස් ගැන ප්‍රසිද්ධියේ කථා කළා. උසාවියේ නඩුවක් විභාග වෙනවා. ඒ නඩුවට මම, වාසු, ගම්මන්පිල ඇමතිවරු වෙනුවෙන් වෙනම නීතිඥයෙක් ඉදිරිපත්කර අපේ මතය කියනවා. ජනාධිපති ලේකම් කාර්යාලයට 100ක් 200ක් යනවා. අපි ආවේ නැහැ කිරි පිටි බෙදන්න. බඩ බුරුල්වෙන කිරිපිටි බෙදුවේ නැහැනේ. බස් නවත්වන්න තරම් සෙනඟක් හිටියේ නැහැනේ. ඕවා කියද්දී දුකයි තමයි. මම දැන් ඔයාලා සතුටුවෙන කථාද කියන්න ඕන? කලින් කිව්වා නම් හදාගෙන එනවා නේ. මෙතන ඇත්තට මුහුණ දෙමු. මේ අයට අපි දේශපාලනය කරන්නේ මොකටද? ගමේ ගිහිල්ලා කුඹුරක් කොටනවා.”
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...