ඉල් පුර පසළොස්වක පොහොය දිනය අදට (18) යෙදී තිබේ.
මෛත්‍රී බෝධි සත්ත්වයින් විවරණ ලැබීම ඇතුළු බෞද්ධ ඉතිහාසයේ වැදගත් කරුණු රැසක් අද වැනි පොහොට දිනක සිදුව ඇති බව වාර්තා වේ.
ප්‍රථම ධර්මදූත හැටනම ධර්ම ප්‍රචාරණයේ හි යෙදවීම, තුන්බෑ ජටිලයන් දමනය කිරීම සඳහා බුදුරජාණන් වහන්සේ උරුවෙල් දනව්වට වැඩම කරවීම අද වැනි පොහොය දිනක සිදුව තිබේ.
දෙව්ලොව සිට මිනිස් ලොවට වැඩමවීමෙන් පසු වදාළ දේවාව රෝහණය සහ බුදුරජාණන් වහන්සේ අගසව් සැරියුත් මහා රහතන් වහන්සේ තම මෑණියන්ගේ නිවසේ පිරිනිවන් පෑමද සිදුව ඇත්තේ අද වැනි ඉල් පුර පසළොස්වක පොහොය දිනකදීය.
පසුවස් පවාරණය සිදුකරන පොහොය දිනය මෙන්ම කඨින චීවර පුජාව කළ හැකි අවසාන පොහෝ දිනය ලෙසද ඉල් පුර පසළොස්වක පොහො දිනය සැළකෙයි.
ඉල් පුර පසළොස්වක පොහෝ දිනය නිමිත්තෙන් දිවයින පුරා වෙහෙර විහාරස්ථානවල ආගමික වතාවත් සංවිධානය කර තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...