දේශීය පුවත්

ශ්‍රී ලංකාවේ සමාජ ආර්ථික සංවර්ධන අවශ්‍යතා වෙනුවෙන් සිය සහාය දෙන බව ජපාන අන්තර්ජාතික සහයෝගිතා ආයතනය (ජයිකා) පවසයි.

ජයිකා ආයතනයේ දකුණු ආසියානු කලාපීය අධ්‍යක්ෂ ජනරාල් සකමොතො තකෙමා මහතා ඊයේ (16) පෙරවරුවේ ජනාධිපති මන්දිරයේ දී ජනාධිපතිවරයා හමු වූ අවස්ථාවේදී මේ බව ප්‍රකාශ කර තිබේ.

නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයාව සිටියදී තමන්ට “ජයිකා” ආයතනය සමග එක්ව සංවර්ධන ව්‍යාපෘති රැසක් සාර්ථකව ක්‍රියාවට නැංවීමට හැකි වූ බව ජනාධිපතිවරයා එහිදී සිහිපත් කළේය.

1965 වසරේ සිට සංවර්ධන ව්‍යාපෘති 120ක් සඳහා ජපාන අන්තර්ජාතික සහයෝගිතා ආයතනය දායකත්වය ලබාදී තිබේ.

ණය පැකේජ, ව්‍යාපෘති ප්‍රදාන,ව්‍යාපෘති නොවන ප්‍රදාන ඇතුළු විවිධ ණය යෝජනා ක්‍රම යටතේ ඊට ලබාදී ඇති මුදල ඇමරිකානු ඩොලර් මිලියන 8829කි.

වර්තමානයේ “ජයිකා” ආධාර යටතේ සංවර්ධන ව්‍යාපෘති 14ක් දිවයින පුරා ක්‍රියාත්මක වේ.

බලශක්ති, ජල සැපයුම් හා ජලාපවහන, වරාය, ප්‍රවාහන, සෞඛ්‍ය, විදුලි සංදේශ සහ ග්‍රාමීය සංවර්ධන අවශ්‍යතා වෙනුවෙන් වූ මෙම සංවර්ධන ව්‍යාපෘති වෙනුවෙන් ලබාදී ඇති සහනදායී ණය මුදල ඇමරිකානු ඩොලර් මිලියන 2500කි.

මේ වන විට ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගතිය පැහැදිලි කළ ජනාධිපතිවරයා කෘෂිකර්ම, නිපුණතා සංවර්ධන, සෞඛ්‍ය, වාරිමාර්ග යන ක්ෂේත්‍ර වෙනුවෙන් ඉදිරි වසර සඳහා “ජයිකා” සහාය අපේක්ෂා කරන බව පැවසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More