දේශීය පුවත්

පෞද්ගලික අංශයේ සේවකයින් විශ්‍රාම යාමේ අවම වයස් සීමාව 60 දක්වා වැඩි කිරීමට අදාළ පනත් කෙටුම්පත පසුගිය දා පාර්ලිමේන්තුවේදී සම්මත වුණි.

එම තීරණය සමග ම සේවක අර්ථසාධක අරමුදල සම්බන්ධයෙන් බොහෝ දෙනෙකු තුළ විවිධ මත ඇති වී තිබේ.

කම්කරු කොමසාරිස් ජනරාල්, නීතිඥ ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා අදහස් දක්වමින්පවසා සිටියේ, විශ්‍රාම යාමේ අවම වයස් සීමාව වෙනස් වුවද සේවක අර්ථසාධක අරමුදල් පනත ට කිසිදු වෙනසක් සිදුකර නොමැති බවය.

යම්කිසි පුද්ගලයෙක් අවුරුදු 55න් විශ්‍රාම ගන්නේ ද එම පුද්ගලයා ට රැකියාවෙන් ඉවත් වු අවස්ථාවේ දී සේවක අර්ථසාධක අරමුදල ලබාගත හැකි බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා,

“EPF පනතේ තියෙන්නේ, පිරිමි කෙනෙකු ට වයස 55ක් හා කාන්තාවකට වයස 50ක් කියලා. ඒ වයසේ දී ගන්න පුළුවන් සේවයෙන් අයින්වෙලා. EPF පනතට අපි එක දශමයක්වත් අත තිබ්බේ නෑ. ඒක එහෙම ම තියෙනවා. ඔයාට 55න් ගන්න පුළුවන් වෙන්නේ 55න් අයින් වෙනවා නම්. 56න් අයින් වෙනවා නම් ඔයාට ගන්න වෙන්නේ 56 දී. නමුත් යම්කිසි කෙනෙක් 55න් EPF එක අරන් අයින් වෙනවා. ඊට පස්සේ ආයතනය කැමති නම් ඔයාව නැවත කොන්ත්‍රාත් පදනම මත බඳවා ගන්න නව අංකයකින් ඔයාව බඳවා ගත්ත ට ප්‍රශ්නයක් නෑ. නව අංකයින් වසර 5ක් ඉන්න පුළුවන්. අයින් වෙන වෙලාවට තමා EPF එක ගන්න පුළුවන්. මේක අලුතින් ගෙනාපු එකක් නෙමෙයි.”



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More