ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා ඊයේ(16) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් පවසා සිටියේ, ලෝක පරිමානයෙන් ආර්ථිකය මෙම වකවානුවේදී අර්බූදයට ලක්වන බවයි. අමෙරිකානු ඉතිහාසයේ දැවැන්තම උද්ධමනය පසුගිය ඔක්තෝබර් මාසයේදී ඇතිවූ බව පෙන්වා දුන් ඒ මහතා ශ්‍රී ලංකාව අය වැය හිඟය පියවීමට දිගින් දිගටම කරණු ලැබුවේ ණය බවත් අද එම සීමාව උපරිමයට පැමින තිබෙන බවත්ය.
” අපි අද මුහුණ දීලා තිබෙන අර්බූදය අවුරුද්දකට සැරයක් ඉදිරිපත් කරර්න අයවැයකින් පියමං කරන්න පුළුවන අර්බූදයක් ලෙස මම විශ්වාස කරන්නේ නැහැ. අර්බූදය ඒ තරම්ම ගැඹුරුයි. පවත්වා ගෙන ආපු අර්බූදකාරී ආර්ථික ක්‍රමවේදයට සෞඛ්‍යය අර්බූදයකුත් එකතු වුනා. දැන් මේ අර්බූදය දෙගුණ තෙගුණ වෙද්දී දේශපාලන අර්බූදයක් දක්වා අර්බූදය පැතිරෙනවා. ඒ නිසා මේ අර්බූදය ජයග්‍රහණය කිරීම කලින් හිතපු විදියට පක්ෂ බේද වලින් ජයග්‍රහණය කළ හැකි අර්බූදයක් නොවෙයි.යුද්දය ජයග්‍රහනය කළේ ජනතාව සමඟ ඒකාබද්ධ වුනු නිසයි. මේ ආර්ථික අර්බූදය පියමං කිරීමට ජනතාව සමඟ ඒකාබද්ධ විය යුතුයි.” යනුවෙන් පවසා සිටියේය. ඒ මහතා කළ සම්පූර්ණ කතාව පහතින්..
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...