පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ පක්ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවක දී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පවසා සිටියේ එළඹෙන දෙසැම්බර් මස 05 වැනිදා වන විට ශ්‍රී ලංකාවට ඉන්ධන නැවක් ලබාදීමට පොරොන්දු වී ඇතත් ඊට ගෙවීමට ඩොලර් නැති බවයි.
එහිදී වැඩිදුරටත් අදහස් දවමින් සුනිල් හන්දුන්නෙත්ති මහතා පවසා සිටියේ සපුගස්කන්ද පිරිපහදුව වසා දමා ඇත්තේ අලුත්වැඩියා කටයුතු කරනු සඳහා නොව බොරතෙල් සදහා ගෙවීමට ඩොලර් නොමැති කම නිසා බවයි.
“සැපයුම් කරුවන් දැනට ලංසු ඉදිරිපත් කරන්නේ නැහැ. ඒ මෙරට ඩොලර් නැතිකම නිසා.සපුගස්කන්ද වසා දැමීමත් සමග ගුවන්යානා තෙල් නතර කිරීමෙන් ශ්‍රී ලංකන් ගුවන් සමාගම වැසී යාමට පුළුවන්.දෙසැම්බර් මස අවසන් වෙද්දී නොරොච්චෝල බලාගාරයේ ගල් අගුරු අවසාන වනවා එතැන් සිට රටේ මිනිස්සුන්ට කළුවරේ සිටින්නට සිදුවෙනවා.” යනුවෙන් පැවසුවේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...