දේශීය පුවත්

පසුගිය දා පාර්ලිමේන්තුවේදී පෞද්ගලික අංශයේ සේවකයින්ගේ විශ්‍රාම යාමේ අවම වයස් සීමාව 60 දක්වා වැඩි කිරීමට අදාළ පනත් කෙටුම්පත සම්මත වුණි.එම පනත සම්මත වීමත් සමඟම සේවක අර්ථසාධක අරමුදලේ ප්‍රතිලාභ ලබා ගැනීම සම්බන්ධයෙන් බොහෝ දෙනෙකු තුළ විවිධ මත ඇති වී ඇති බව වාර්තාවේ.

සේවක අර්ථ සාධක අරමුදලේ ප්‍රතිලාභ ලබා ගැනීම සම්බන්ධයෙන් කම්කරු කොමසාරිස් ජනරාල්, නීතිඥ ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා මාධ්‍යය වෙත අදහස් දක්වමින්,

“සේවක අර්ථ සාධක අරමුදල් පනතේ තියෙන්නේ, පිරිමි කෙනෙකු ට වයස 55ක් හා කාන්තාවකට වයස 50ක් සම්පූර්ණ වුවහොත් ප්‍රතිලාභ ලබාගත හැකි බවයි. නමුත් එම වයසේ දී ප්‍රතිලාභ ලබා ගන්න පුළුවන් වෙන්නේ සේවයෙන් ඉවත් වුවහොත් පමණයි. සේවක අර්ථ සාධක අරමුදල් පනතට ආණ්ඩුව එක දශමයක්වත් අත තබා නැහැ. එම පනතේ ප්‍රතිපාදන එලෙසම පවතිනවා.කෙනෙකුට වයස අවුරුදු 55න් ප්‍රතිලාභ ලබාගන්න පුළුවන් වෙන්නේ වයස අවුරුදු 55න් සේවයෙන් ඉවත් වෙනවා නම් පමණයි. කෙනෙක් වයස අවුරුදු 56න් සේවයෙන් ඉවත් වෙනවා එම පුද්ගලයාට ප්‍රතිලාභ ලබා ගන්න වෙන්නේ වය්ස අවුරුදු 56 දීයි. නමුත් යම්කිසි පුදගලයෙක් වයස අවුරුඩු 55න් සේවක අර්ථ සාධක අරමුදලේ ප්‍රතිලාභ ලබාගෙන ඉවත් වූ පසු ආයතනයේ අභිමතය පරිදි එම පුද්ගලයාව නැවත වතාවක් කොන්ත්‍රාත් පදනම නව අංකයකින් බඳවා ගන්න හැකියාව තියෙනවා. නව සේවා අංකයකින් වසර 5ක් සේවයේ ඉන්න පුළුවන්. සේවයෙන් ඉවත් වෙන අවස්ථාවේදි සේවක අර්ථ සාධක අරමුදලේ ප්‍රතිලාභ ලබා ගන්න හැකියි කියන ප්‍රතිපාදනය අලුතින් ගෙනාපු ප්‍රතිපාදනයක් නොවෙයි.”



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More