ආචාර්ය සිරිල් ගාමිණී පියතුමන් පැය 8කට ආසන්න කාලයක් ප්‍රකාශයක් ලබාදීමෙන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටව ගියහ.
පාස්කු ප්‍රහාරය සිදුකළ ත්‍රස්තවාදින්ට මෙරට බුද්ධි අංශ අනුග්‍රහය දක්වා ඇතැයි ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකළ ගරු සිරිල් ගාමිණී පියතුමන්ගෙන් ඊයේ (14) දිනයේදී ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැය 8කට ආසන්න කාලයක් ප්‍රකාශ සටහන් කරගනු ලැබීය.
තවදුරටත් ප්‍රකාශ සටහන් කරගැනීම සඳහා පියතුමන්ව අද උදෑසනත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා තිබුණි.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය එල්ල කළ ත්‍රස්තවාදින්ට මෙරට බුද්ධි අංශ අනුග්‍රහය දක්වා ඇති බවට ගරු සිරිල් ගාමිණී පියතුමන් ඉකුත් ඔක්තෝබර් 23 වනදා සූම් තාක්ෂණය ඔස්සේ පැවති හමුවකදි ප්‍රකාශයක් කර තිබුණි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...