දේශීය පුවත්

සමගි ජන බලවේගයේ විරෝධතා රැළිය, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ පක්ෂයේ නියෝජිතයන් රැසකගේ ද සහභාගීත්වයෙන් කොළඹදී අද පැවැත්වුණි.

එහිදී අදහස් දැක්වු සජිත් ප්‍රේමදාස මහතා,

“අද මේ මහා ජනරැළිය අපි පවත්වන්නේ, මේ රටේ දුක්විඳින ජනතාව දුකෙන් මුදවන්න ට. මේ රට තුළ ඒකාධිපතීත්වයකට අපි ඉඩ දෙන්නේ නැහැ. මේ ස්වෛරීය ශ්‍රී ලංකාවේ කතා කිරීමේ නිදහස තියෙනවා. ලැබී තිබෙන මාතෘ භූමිය, ගරා වැටෙන ආර්ථිකය, කඩා වැටෙන ජන සමාජය, යළිත් වරක් ගොඩනගලා මේ රටේ පොදු ජන ආණ්ඩුව බිහිකරනවා. මේ රටේ පොදු ජනතාව රටේ වගකීම සමගි ජන බලවේගයට ලබාදෙනවා.”

කෙසේ වෙතත් මෙම විරෝධතාවට ජනතාව කැඳවීමට එරෙහිව පොලිසිය ඉල්ලා තිබූ වාරණ නියෝග ඇතැම් අධිකරණවලින් ප්‍රතික්ෂේප කර තිබූ අතර තවත් අධිකරණ කිහිපයකින් එකී බල ප්‍රදේශයට අදාළව වාරණා නියෝග නිකුත් කරනු ලැබීය.

එමෙන්ම විරෝධතාවට පැමිණෙන තැනැත්තන්ට තම පළාත් මාඉම් පසුකර පැමිණීමට ඉඩනොදිය යුතු බවට පොලිස්පතිවරයා ඊයේ (14) නියෝගයක්ද නිකුත් කර තිබූ අතර, ඒ අනුව උද්ඝෝෂණයට සහභාගිවීම සඳහා සෙසු පළාත්වල සිට ජනතාව පැමිණි බස්රථ පොලිස් මාර්ග බාධකවලදී යළි හරවා යැවීමට පොලිසිය අද උදෑසන පියවර ගත්තේය.

මෙවන් වාතාවරණයක සමගි ජන බලවේගය සැලසුම් කළ අයුරින්ම කොළඹදී විරෝධතාව පැවැත්වීමට පියවර ගෙන තිබුණි.

ඒ අනුව කොළඹ මාකස් ප්‍රනාන්දු මාවතේ පිහිටි විපක්ෂ නායක කාර්යාලය අසලට එක් රැස් වූ පක්ෂ නියෝජිතයින් හා ජනතාව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පාගමන ආරම්භ කළේය.

අනතුරුව උද්ඝෝෂකයින් පාගමනින් කොල්ලුපිටිය මංසන්ධිය දක්වා ගමන් කළහ.

ඇදහැලුණු දැඩි වර්ෂාව මධ්‍යයේ වුවද පිරිස කොල්ලුපිටිය මංසන්ධියේ සිට ගාලුමුවදොර පිටිය දක්වා පැමිණි උද්ඝෝෂකයින් පසුව ප්‍රධාන ජනහමුව ගාලුමුවදොර අසල දී පැවැත්විය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More