ආචාර්ය සිරිල් ගාමිණි පියතුමන් අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශයක් ලබාදුන්නා.
ඒ, පාස්කු ප්‍රහාරයට අදාළව සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී මේජර් ජෙනරාල් සුරේෂ් සලේ විසින් පසුගියදා සිදුකළ පැමිණිල්ලකට අනුවයි.
පෙරවරු 9.45 ට පමණ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි පියතුමන් ඉන් නික්ම ගියේ පැය අටකට ආසන්න කාලයක් ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුවයි.
කෙසේ වෙතත් අද උදෑසන 9.00ට පියතුමන්ට යළිත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසට දැනුම්දී තිබෙනවා.
සිරිල් ගාමිණි පියතුමන් මෙසේද සඳහන් කළා,
“කිසි ප්‍රශ්නයක් නෑ. බොහෝම සුහදව සහයෝගයෙන් යුතුව සිටිය සෑම නිලධාරියෙක් ම අපිට උදව් වුණා. නීතිඥතුමාට ඇතුළට යන්න ඉඩදුන්නා. අපි හෙට බලමු. දීර්ඝ කාලයක් අද ගියාට වෙබ් සෙමිනා එකේ මම දුන්න උත්තරය සටහන් කරගත්තා නැවත. ප්‍රශ්න කිහිපයක් පමණයි අද අහන්න ඉඩ තිබුණේ. ප්‍රශ්නේ තියෙන්නේ අපි ළඟ තියෙන තොරතුරු දෙන්න කියන එක නෙමෙයි. මම එදා දීලා තිබුණ පිළිතුර සම්පූර්ණයෙන් ම පදනම් වෙලා තියෙන්නේ ජනාධිපති කොමිසම් වාර්තාවෙත් පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ අවසන් වාර්තාවේ. ඒවා ප්‍රසිද්ධ වාර්තා දෙකක්. ඒවා අපි කියන්න ඕනේ නෑ CIDයට. ඒක ජනාධිපතිතුමා නීතිපතිවරයාට භාරදුන්න එකක්. ඒවා ප්‍රසිද්ධ දේවල්. කොමිසන් සභාවල සාක්ෂි විමසලා ඉදිරිපත් කරලා තියෙන නිර්දේශ අඩු ගානේ ක්‍රියාත්මක වෙන්නේ නැතිකම. ඒක නීතිපතිවරයාගේ අතේ තියෙන්නේ. නීතිපතිවරයා මීට වඩා වගකීමෙන් යුතුව වැඩකරන්න ඕනේ.”

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...