අහිතකර බැක්ටීරියා අඩංගු බවට දෙවරක් තහවුරු කරනු ලැබූ චීන කාබනික පොහොර තොගය තෙවැනි පාර්ශවයක් හරහා සිදුකරන ලබන පරීක්ෂාවකට ශ්‍රී ලංකාව එකඟ වී නැතැයි කෘෂිකර්ම අධ්‍යක්ෂ ජෙනරාල්වරයා පවසයි.
චීන තානාපතිවරයා විසින් ප්‍රශ්නගත මෙම පොහොර තොගය තෙවැනි පාර්ශවයක් හරහා සිදුකරනු ලබන පරීක්ෂාවකට එකඟවී ඇති බවට (14) දින සිදුකරනු ලැබූ ප්‍රකාශය සම්බන්ධයෙන් මාධ්‍ය ආයතනයක් කළ විමසීමකදී ඊට පිළිතුරු ලබා දෙමින් කෘෂිකර්ම අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය අජන්ත ද සිල්වා මහතා මේ බව පවසා තිබේ.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වන කෘෂි අධ්‍යක්ෂ ජෙනරාල්වරයා… “ජාතික ශාඛ ආරක්ෂණ පනත යටතේ අපිට තාම අවකාශයක් නැහැ වෙනත් පාර්ශවයකින් කරන පරීක්ෂාණයක් හරහා අවශ්‍ය නිර්දේශ ලබා දෙන්න. ඒ නිසා අපට එහෙම අවකාශයක් නැහැ තුන්වැනි පාර්ශවයකින් හෝ වෙනත් විද්‍යාගාරයකින් ටෙස්ට් කරලා දෙන දෙයක් හරහා අපිට අපේ තීරණ ගැනීමට ක්‍රමවේදයක් නෑ.” යනුවෙන් පැවසීය.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...