දේශීය පුවත්

ආණ්ඩුවේ බදු ආදායම මේ වසරට වඩා ලබන වසරේ 35%කින් වැඩි කර තිබෙන්නේ කොවිඩ් වසංගතයෙනුත් ආණ්ඩුවේ පීඩාකාරී බඩුමිල වැඩිකිරීමෙනුත් බැටකමින් හිඟා නොකා හිඟා කන ජනතාවගෙන් අයකර ගැනීමට බව ජවිපෙ අනුරාධපුර දිස්ත්‍රික් නායක වසන්ත සමරසිංහ පවසයි.

ආණ්ඩුවේ අයවැය යෝජනා සම්බන්ධයෙන් (14) දින අනුරාධපුරයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු අදහස් පළකරනු ලැබීය. එම මාධ්‍ය හමුවේදී ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින්… ” දැන් බැසිල් රාජපක්ෂ මුදල් ඇමතිවරයා රටට කියනවා බදු පිළිබඳව අපි කිව්වේ නෑ එහෙම කිව්වා නම් ව්‍යාපාරිකයෝ අයුතු ලාබ ලබනවා කියලා. ඒ කියන්නේ මුදල් ඇමතිවරයා අයවැයෙන් භාගයයි කියලා තියෙන්නේ රටට. දැන් රටේ මිනිස්සුන්ට මේ අවුරුද්ද අවසන් වෙනකල් බලන් ඉන්න වෙනවා මේ අයවැය ලේඛණය මොකක්ද කියලා බලන්න. මේ අයවැය යෝජනාවේ තියෙනවා මේ අවුරුද්ද බදු ආදායමට වඩා ලබන අවුරුද්දේ බදු ආදායම 35%කින් වැඩි වෙනවා කියලා. කාගෙන්ද මේ බදු අය කරන්නේ මේ රටේ මිනිස්සුන්ගෙන්. හිඟා නොකා හිඟා කන මිනිස්සුන්ගෙන්.” යනුවෙන් පැවසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More