මහජන බලයෙන් පාර්ලිමේන්තුවට පැමිණි තමන් බැසිල් රාජපක්ෂ රාජපක්ෂ හෝ රාජපක්‍ෂ පවුලේ කිසිවකුට බය නැතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ
පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්.ඩී.ජේ. සෙනෙවිරත්න අවදාරණය කර සිටියි.
අද වන විට වත්මන් ආණ්ඩුව විහිළුවක් වී ඇතැයි ද ඔහු පවසයි.
හිටපු ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයකු වන ඔහු එබව සඳහන් කර සිටියේ, New Citizen TV නාලිකාව සමග පැවති සම්මුඛ සාකච්ජාවකදීය.
රටේ ජනතාව වත්මන් ආණ්ඩුව කෙරෙහි බරපතල ලෙස කලකිරී සිටින බවද මන්ත්‍රීවරයා එහිදී සඳහන් කරයි.
රසායනික පොහොර සම්බන්ධයෙන් ආණ්ඩුව තීන්දුව හේතුවෙන් නුදුරේදී රට තුළ ආහාර හිගයක් ඇති වන බව වනු ඇතැයිද මන්ත්‍රීවරයා පෙන්වාදෙයි.
මේවනවිටත් ‘පොහොට්ටු’ පක්ෂය නියෝජනය කරන හිටපු ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ වෙත සංවිධානාත්මක වාග් ප්‍රහාරයක් එල්ලකරමින් සිටිති. සුසිල් ප්‍රේම්ජයන්ත මන්ත්‍රීවරයා ගෙන් ඇරඹුන එම ප්‍රහාරයට පසුව අනුර ප්‍රියදර්ශන යාපා ද එක්වූ අතර මේවනවිට ජෝන් සෙනවිරත්නද එක්ව සිටියි.
මෙහි විශේෂත්වය වන්නේ මේ සියලු දෙනාම දිගින් දිගටම බැසිල් රාජපක්ෂගේ කැපිලි කෙටිලි වලට ලක්වන්නන් වීමයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...