ඉදිරි මැතිවරණයකදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් වෙන්ව තනිව තරග කළ යුතු බවට වන යෝජනාවක් එම පක්ෂ අනුරාධපුර දිස්ත්‍රික් බල මණ්ඩලයේදී සම්මත කර තිබේ.
ශ‍්‍රි ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක රාජ්‍ය ඇමැති දුමින්ද දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන කාර්යාල දී එම රැස්වීම පැවැත්විණි.
යෝජනාව සම්මත වීමෙන් පසු දුමින්ද දිසානායක මහතාද සඳහන් කරන ලද්දේ ප‍්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක් ලෙස බිම් මට්ටමට ඇහුම්කම් දෙන බවයි.
ඒ අනුව ඉදිරි පළාත් සභා මැතිවරණය වෙනම තරඟ වීම සඳහා ගම් මට්ටමින් සංවිධානය වන ලෙසද ඔහු පාක්ෂිකයන්ට දැනුම් දුන්නේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...