ආණ්ඩුවට පාර්ලිමේන්තුව තුළ හිමි තුනෙන් දෙකේ බලය බිඳ දැමීම සම්බන්ධයෙන් ඊයේ (12) පස්වරුවේ පැවති ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායක රැස්වීමේදී සාකච්ඡා වී තිබේ.
ඊට අතිරේක තවත් කරුණු ගණනාවක් සම්බන්ධයෙන් මෙම රැස්වීමේදී සාකච්ඡා වූ බවයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල පවසයි.
එහිදී “ආණ්ඩුව විසින් ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයටත් හොරෙන් නව ව්‍යවස්ථාවක් කෙටුම්පත් කර ඇති බව මහින්ද රාජපක්ෂ මහතා දැනුම් දුන් බවත්, එය පරාජය කිරීමට නම් ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ හිමි තුනෙන් දෙක අහිමි කළ යුතු බවත් ඒ සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ගත් දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ බව ගම්මන්පිල මහතා වැඩිදුරටත් සදහන්කර සිටියේය. ඉදිරියේදී ආරම්භ කිරීමට නියමිත උද්ඝෝෂණ මාලාවක් පිළිබඳවද මෙහිදී සාකච්ඡා කොට ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...