දේශීය පුවත්

පසුගිය 09 වැනිදා සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා විසින් නිකුත් කරන ලද අතිවිශේෂ ගැසට් නිවේදනයේ සඳහන් ප‍්‍රතිපාදන උල්ලංඝනය කරමින් සමගි ජනබලවේගය පක්‍ෂය විසින් ලබන 16 වැනිදා කොළඹ නගරයේ හා අවට ස්ථාන කීපයක පැවැත්වීමට සැලසුම් කර ඇති උද්ඝෝෂණ මාලාව වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස කෙසෙල්වත්ත පොලිසිය කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් බුද්ධික ශ‍්‍රී රාගල මහතාගෙන් ඉල්ලීමක් කළේය.

සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා විසින් පොලිස්පතිවරයාට කරන ලද පැමිණිල්ලක් අනුව කෙසෙල්වත්ත පොලිසිය හා කොළඹ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් සමඟ අධිකරණය හමුවේ පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා පොලිසිය වෙනුවෙන් එම ඉල්ලීම කළේය.

එලෙස උද්ඝෝෂණ මාලාවක් පැවැත්වීමෙන් මේ වනවිට ක‍්‍රම ක‍්‍රමයෙන් අඩපණ වෙමින් පවතින කොරෝනා ව්‍යාප්තිය ශීඝ‍්‍ර ලෙස ඉහළයෑමේ තර්ජනයක් මතුවිය හැකි බව පෙන්වා දෙමින් දිලීප පීරිස් මහතා එම ඉල්ලීම කළේය.

කෙසේ නමුත්, එම කරුණු දැක්වීම අධිකරණය හමුවේ වාර්තාගත කිරීමට පැවැති අපහසුතාවය නිසා අද (15දා) දිනයේ එම ඉල්ලීම සිදුකරන ලෙසත් ඉන්පසු සුදුසු නියෝගයක් ලබාදෙන බවත් ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත්වරයා පෙන්වා දුන්නේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More