අයවැය මගින් යෝජනා කළ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ට සහ ජනාධිපතිවරුන්ට විශ‍්‍රාම වැටුප් හිමිවීම සඳහා දැරිය යුතු වසර 05ක ධුරකාලය වසර 10ක් දක්වා වැඩි කිරීම සහ රාජ්‍ය සේවකයන්ගේ විශ‍්‍රාම යෑමේ වයස අවුරුදු 65 දක්වා දීර්ඝ කිරීම අය වැය සම්මත වීමෙන් පසු ක‍්‍රියාත්මක කළ හැකි බව ජනාධිපති නීතිඥ යූ. ආර්. ද සිල්වා මහතා ඊයේ (14දා) පැවසීය.
ඒ සඳහා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් හෝ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර අනුමැතියක් අවශ්‍ය නොවන බවද හෙතෙම කීවේය. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 36/4 වගන්තිය අනුව ඒකාබද්ධ අරමුදලින් වැටුප් ලබන අයගේ දැනට සම්මත වී ඇති හිමිකම් වැඩිකිරීමේ යෝජනාවක් පාර්ලිමේන්තුවේ සාමාන්‍ය බහුතර ඡුන්දයෙන් සම්මත කර ගැනීම ප‍්‍රමාණවත් බව සඳහන් කර ඇති නිසා මෙම යෝජනා අයවැය පාර්ලිමේන්තුවේ සම්මත වීමත් සමග ක‍්‍රියාත්මක කිරීමේ අනුමැතිය ලැබෙන බවද පැවසූ ඒ මහතා අඩු කිරීමක් සිදු කරන්නේ නම් පමණක් ව්‍යවස්ථා සංශෝධනයක් අවශ්‍ය බව ද කීය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...