දේශීය පුවත්

බොරතෙල් ටෙන්ඩරවලට ඉල්ලුම්කරුවන් නැතිවීම හේතුවෙන් පිරිපහදු කිරීමට බොරතෙල් නොමැතිවීම නිසා සපුගස්කන්ද තෙල් පිරිපහදුව හෙට සිට වසා දැමීමට තීරණය කර ඇති බව පිරිපහදුවේ උසස් නිලධාරියෙක් මාධ්‍යය වෙත් අපවසා ඇතැයි වාර්තාවේ.

සපුගස්කන්ද තෙල් පිරිපහදුව ආරම්භ කළ දිනයේ සිට පිරිපහදු කිරීමට බොරතෙල් නොමැතිවීම හේතුවෙන් තෙල් පිරිපහදුව වසා දමන ලද ප්‍රථම අවස්ථාව මෙය බව වාර්තාවේ.

මේ අතර බලශක්ති අමාත්‍යාංශයේ ආරංචි මාර්ග පවසන්නේ බොරතෙල් රැගත් නැවක් මෙරටට ළඟා වීමට නියමිතව ඇත්තේ දෙසැම්බර් මස තුන්වැනි සතියේ බවයි.

මේ අතර ඛනිජ තෙල් සංස්ථාවේ වෘත්තීය සමිති පවසන්නේ බොර තෙල් නෞකාව පැමිණෙන තෙක් බොරතෙල් පිරිපහදුව වසා දැමීමට සිදු වනු ඇති බවත් එම නැවෙන් ගෙන එන බොරතෙල් ප්‍රමාණවත් වන්නේ දින පහළොවකට පමණක් නිසා නැවතත් ජනවාරි මස මැද තවත් නැවක් පැමිණෙන තෙක් පිරිපහදුව වසා දැමීමට සිදුවුනු ඇති බවත්ය.

කෙසේ වෙතත් පිරිපහදු කළ තෙල් මිලට ගැනීම හේතුවෙන් මෙරට තෙල් හිඟයක් ඇති නොවනු ඇතැයි බලශක්ති ඇමතිවරයා මීට දින කිහිපයකට පෙර මාධ්‍යය වෙත පවසා සිටියේය.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More