දේශීය පුවත්

ශ්‍රී ලංකා චීන තානාපති චී.ෂෙන්ග්හොන්ග් මහතා ඊයේ (14) මහනුවරට පැමිණ අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමියන් බැහැදැක චීන කාබනික පොහොර ගැටලුව සම්බන්ධයෙන් අදහස් පළ කර ඇති බව වාර්තාවේ.
එහිදී තානාපතිවරයා පවසා සිටියේ පොහොර ගැටළුව රාජ්‍ය තාන්ත්‍රික ගැටලුවක් බවට පත්කර ගතයුතු නැති බවත්, එය වාණිජ වශයෙන් විසඳා ගතයුතු ගටලුවක් බවත්ය.
“මට අවබෝධවෙලා තියෙනවා පොහොර අර්බුදය පිළිබඳව දැඩි අවධානයක් යොමුවෙලා තියෙනවා කියලා. මගේ පුද්ගලික මතය තමයි කාබනික පොහොර අර්බුදය වාණිජමය ගැටලුවක්. මම කනගාටුවට පත්වෙනවා. ඇතැම් ශ්‍රී ලාංකික පිරිස් මේ ගැටලුව ව්‍යාකූල කිරීමට මෙය දේශපාලනීකරණයට ලක්කිරීමට තැත් කිරීම පිළිබඳව. මට දැනගන්න ලැබිලා තියෙනවා චීන සමාගම සහ ශ්‍රී ලංකාව ගිවිසුමකට එළඹිලා තියෙනවා නිෂ්පාදනයේ තත්ත්වය පරීක්ෂා කිරීමට තුන්වන පාර්ශ්වයක පරීක්ෂණයක් සිදුකරන්න.” යනුවෙන් පවසා සිටියේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More