දේශීය පුවත්

සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රි චම්පික රණවක මහතා මාධ්‍ය හමුවක් අමතමින් සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසා දැමීමත් සමග අනිවාර්යෙන්ම දැවැන්ත විදුලි කප්පාදුවක් සිදු කිරීමට වනු ඇති බව පවසා සිටී.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින්,
“අද ඩොලර් නෑ. ඩොලර් නැති එක විතරක් නෙවෙයි ලංකාවේ බැංකු විසින් නිකුත් කරන ණයවර ලිපි ගැන විශ්වාසය සම්පුර්ණයෙන්ම බිඳ වැටිලා. ඒ නිසා පසුගිය මාස කීපය තුල බොරතෙල් ලංකාවට ගෙන්නන්න නිකුත් කරපු ටෙන්ඩර් පහටම එකම සැපයුම්කරුවෙක්වත් ඉදිරිපත් වෙලා නෑ. අපේ පිරිපහදුව වහලා දාන්න වෙනවා. පිරිපහදුව වැහුවොත් මතක තියාගන්න, ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි බලාගාර ගණනාවක් තෙල් පිරිපහදුවේ පෙට්‍රල් ඩීසල් හැදුවට පස්සේ ඉතුරු වෙන වෙනත් තෙල් වර්ග වලින් හා තවත් බැර තෙල් වලින් දුවනවා. එතකොට ඒ බලාගාර ටික වැහෙනවා. ඒක තමයි ඇත්ත.

රටේ විදුලිය සැපයුමෙන් 45% ක් පමණ සපයන්නේ පුත්තලම ගල් අඟුරු බලාගාරය විසිනි. එතකොට ඒ ගල් අඟුරු ටෙන්ඩර් එකට කිසිම සැපයුම්කරුවෙක් ඇවිල්ල නෑ. ඇයි? විදේශීය බැංකු ලංකාවේ බැංකුවල ණයවර ලිපි එහෙම නැත්නම් භාරගන්නේ නෑ. එල්සී අරින්න බෑ.

අනාගතයේ අනිවාර්යෙන්ම ලෝක වෙළඳපොලේ මිල ගණන් වලට අනුව නෙමෙයි. අනාගතය අනිවාර්යයෙන්ම රටේ විදුලි කප්පාදුවක් හා බොරතෙල් හිඟයක් එනවා. ආණ්ඩුව මේ යථාර්තය තේරුම් අරගෙන වහ වහා කඩිනම්ව පියවර ගත යුතුයි. වගාඩම්බර පොර කතා කියන්නේ නැතුව. කියනවා මේ හදනවා කියලා පිරිපහදුවක් ලෝකයේ තියෙන විශාලතම පිරිපහදුවක්, ලංකාවේ ලොකුම එක හදනවා කියලා කියනවා. හරි. ඔය පිරිපහදු කතා අපි දන්නවා. 2010-15 අතරෙත්, ඉරාන ජනාධිපතිතුමා ලංකාවට ඇවිල්ලා පිරිපහදුවකට මුල්ගල තිබ්බා. සපුගස්කන්දේ. ඒ ඒ මුල්ගල තාම පැලවෙනවා. එහෙම තියාගෙන තමයි මේ අලුත් -පිරිපහදුවක් හදනවා කියලා කියන්නේ. පිරිපහදුව හදන්න කලින්, පිරිපහදුවට මේ තියෙන පිරිපහදුවට බොරතෙල් ටික ගෙන්න ගන්න බැරුව තව අවුරුදු පහකින් එන පිරිපහදුවක් ගැන කතා කරනවා. රටේ බලාගාර වලට අවශ්‍ය කරන ඒ ඉන්ධන ටික සපයා ගන්න බැරුව මන්නාරමේ තෙල් ගවේෂණය ගැන කතා කරනවා. මන්නාරමේ තෙල් ගවේෂණය 1961 දිත් ඉලංගරත්න මහත්තයා කිව්වා ලංකාවේ තෙල් හම්බෙනවා කියලා. 77 දිත් කිව්වා පේසාලෙන් තෙල් හම්බෙනවා කියලා. ලංකාවේ ගෑස් සම්පත තියෙනවා. හැබැයි ඔය කියන ඔය මායාකාරී ඔය මේ කතාවක් නෑ. ඉතාම පොඩි ගෑස් සම්පතක් දැනට හම්බෙලා තියෙනවා. ඒක හම්බුනෙත් මීට අවුරුදු දහයකට කලින්. 2011. එතකොට ඒක මේ රටේ ප්‍රයෝජනයට ගන්න පුළුවන් එකක්.”

ලංකා විදුලිබල මණ්ඩලය අද ඇමරිකානු සමාගමට විකුණලා තියෙනවා. මේ ආණ්ඩුව සම්පූර්ණයෙන්ම ගෑස් සැපයුම කරන්න. එතකොට මන්නාරමේ ගෑස් තියෙනවා. ඒක හාරනවා කියලා ඛනිජ තෙල් ඇමති කියනවා. හැබැයි ලංකාවට ගෑස් සැපයීම අප්‍රිකාවෙ සමාගමකට බදු දීලා තියෙනවා. ඉතින් මේ වගේ විකාර කතා තමයි අපිට හැමතැනින්ම ඇහෙන්නේ. ඇත්ත කතාව තමයි අර මං කිව්වා වගේ දෙසැම්බරය වෙනකොට බොරතෙල් ගෙනාවේ නැත්නම් පිරිපහදුව වැහෙනවා. ඒ එක්කම ලංකා විදුලිබල මණ්ඩලයේ මෙගාවොට් 200 කට ආසන්න බලාගාර ටිකක් වැහිලා යනවා. ගල් අඟුරු ගෙනාවේ නැත්නම්, ලබන දෙසැම්බරයෙන් පස්සේ මේ රටේ විදුලි සැපයුමෙන් 45% ක් යනවා. අඩුම ගානේ පැය 12 ක විදුලි කප්පාදුවක් රටේ සිද්ධ වෙන්න නියමිතයි. මේ අභියෝගය දනගෙන ක්‍රියා කිරීම අතිශය අවශ්‍යයයි.”

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More