දේශීය පුවත්

තමන් සැමවිටම ජනතාව වෙනුවෙන් පෙනී සිටින බවත් තනතුරු දී තමන්ගේ කට වැසීමට නොහැකි බවත් කොළඹ විශ්ව විද්‍යාලයේ කුලපති ධුරයට පත්කර සිටින පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසති.

උන්වහන්සේ පෙන්වා දෙන්නේ මුදල් ඇමතිතුමා විසින් ඉදිරිපත් කළ අයවැය අසාර්ථක පතෝල අයවැයක් බවත් ජනතාවට ඉන් ලැබුනු දෙයක් නැති බවත්ය.

මාධ්‍ය හමුවක් පවත්වමින් ආනන්ද හිමියෝ කියා සිටියේ අයවැය ඉදිරිපත් කිරීමට පෙර සීනි කැටය සිට සියලු අත්‍යවශ්‍ය භාණ්ඩ වල මිල ඉහළ දමා තිබූ බවයි.

එමෙන්ම ජනතාවට භාණ්ඩ ලබාගැනීමට පෝලිමේ සිටින්නට සිදු වූ බව ද උන්වහන්සේ සිහිපත් කළහ.

වත්මන් පාලනය යටතේ නැවතත් සිරිමාවෝ යුගයේ තිබුණු පෝලිම් යුගයට රට ගෙන ගොස් ඇති බවද එහිමියන් කියා සිටියහ.

ජනතාවට වසර දෙකක් යාමට පෙර ආණ්ඩුව එපා වී ඇති බවත් මෙහෙම ගියොත් ජනතාව ආණ්ඩුවේ අයට ගමට එන්න නොදී ගහලා පන්නනු ඇති බවත් උන්වහන්සේ තව දුරටත් කියා සිටියහ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More