දේශීය පුවත්

විදේශයන්ගෙන් මෙරටට වාහන ආනයනය සඳහා ඉක්මනින් වෙළෙඳපොළ විවෘත වන්නේ නැති බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.

මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා කොළඹ පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ වාහන ගෙන්වීම සඳහා මේ මොහොතේ ප‍්‍රමාඛතාව දිය යුතු බවක් තමන් නොසිතන බවයි.

තවත් මාස හය හතක් යනතුරු වාහන ආනයනය සඳහා කඩිනමින් වෙළෙඳපොළ විවෘත නොවන බවද ඔහු සඳහන් කළේය.

කොරෝනා ව්‍යාප්තියේ බලපෑම මත වාහන ගෙන්වීම පසුගිය මාර්තු මාසයේ සිට නවතා ඇති බවත් පැවසූ ඔහු පවතින තත්වය යටතේ වාහන ගෙන්වීම සම්බන්ධයෙන් ඉක්මන් තීරණයක් නොගනු ඇති බවත් කියා සිටියේය.

මෙම තත්වය මත වාහන මිල විශාල ලෙස ඉහල යනු ඇති බව වාහන ආනයනකරුවන් කියා සිටිති.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More