විදේශ පුවත්

නවදිල්ලි නගරයේ වායු දූෂණය අවම කිරීමට ක්‍රියාමාර්ග ගන්නා ලෙස, ඉන්දීය රජයෙන් එරට අගවිනිසුරුවරයා ඉල්ලීමක් කර තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, නවදිල්ලි නගරයේ වායු දූෂණය ඉතා දරුණු බවට, ඉන්දීය අගවිනිසුරු එන්.වී. රාමනර් මහතා පෙන්වා දී ඇති බවය.

වෙනත් වසරවලදී මෙන්ම මෙවරත් ඉන්දියාවේ නවදිල්ලි අගනුවර වායු ගුණත්වය දැඩි ලෙස පහළ ගොස් ඇත.

දිවාලි සැමරුමෙන් පසු හා වගාබිම්වල ඉතිරි වූ පිදුරු ගිනි තැබීමෙන් පසු ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවලදී නවදිල්ලිය විෂ සහිත දුමාරයකින් මෙලෙස වැසී යයි.

වායු ගුණත්වය පහළ බැසීමට උත්සව සමයේදී සිදුකරන ගිනිකෙළි දැල්වීම් ද හේතුවන බව වාර්තා වේ.

කෙසේ වෙතත් උත්සව සමයේ ගිනිකෙළි තහනම් කිරීම සම්බන්ධයෙන් ජනතාව දැඩි විරෝධයක් දැක්වූ බව ඉන්දීය වාර්තා සඳහන් කළේය.

පෞද්ගලික විමර්ශනයකින් හෙළි වී තිබුණේ නවදිල්ලියේ පවුල්වලින් 80%ක පමණ වෙසෙන පුද්ගලයන් හිසරදය හා ශ්වසන අපහසුතාවයෙන් පෙළෙන බවය.

වායු දූෂණය මේ රෝගී තත්ත්වයන් ඇතිවීමට හේතුවී තිබේ‍.

වායු දූෂණය නිසා වාර්ෂිකව ඉන්දියාවේ ලක්ෂ 10කට වැඩි පිරිසක් මියයන බව නවතම අධ්‍යයනයකින් හෙළි වී ඇත.

ලොව වැඩිම වායු දූෂණය සහිත නගර ලැයිස්තුවට එරට නගර රැසක්ම ඇතුළත්ය.

එම නගරවල පාරිසරික නීති ක්‍රියාත්මක කිරීම අඩු මට්ටමක පවතින බවය විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More