දේශීය පුවත්

මෙරට ක්‍රියාත්මක වන මත්ද්‍රව්‍ය ජාලය පාලනය කිරීමට ගෙන ඇති පියවර හේතුවෙන් රට තුළ මත්ද්‍රව්‍ය හිඟයක් පවතින බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ රට තුළ මත්ද්‍රව්‍ය මිලද සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇති බවය.

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගෙන ඔවුන් රක්ෂිත බන්ධනාගාරගත කිරීම හේතුවෙන් මෙරට තුළ ක්‍රියාත්මත මත්ද්‍රව්‍ය ජාවාරම අඩපණ වී ඇති බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජනරාල් කමල් ගුණරත්න මහතා සඳහන් කළේය.

“බුද්ධි අංශවලත් ඒ වගේම පොලීසියේ ඔත්තුකරුවන්ගේ තොරතුරුවලට අනුව මත්ද්‍රව්‍ය භාවිතා කිරීමේ දී ඒ මත්ද්‍රව්‍ය පැකට් වල මිල ඉතාම සීඝ්‍ර ඉහළ ගිහින් තියෙනවා. ඒ කියන්නේ මත්ද්‍රව්‍ය වල විශාල හිඟයක් තියෙනවා. ඒ මත්ද්‍රව්‍ය ගෙන්නන ගෙන්නලා බෙදාහරින ඒ ලොකු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අපි බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයක් කරලා ඒ බන්ධනාගාරයට දලා තියෙනවා. ඒ අයට දුරකථනයක්වත් ගන්න බැරි විදියට ස්වංක්‍රීය තාක්ෂණික උපකරණ සවිකරලා තියෙනවා. ඒ අයට ඒ ජාවාරම කරන්න බැරි තත්ත්වයක් ඇති කරලා තියෙනවා. ඒ අයගේ ගෝලයෝ ඉන්න අය සුළු පරිමාණයෙන් කරනවා පිට ඉන්න අය. ඒවත් අපි විශාල වශයෙන් අල්ලනවා. මේ මත්ද්‍රව්‍ය අල්ලගත්ත වහාම විනිශ්චයකාරවරයෙක් ට මේ මත්ද්‍රව්‍ය ඉදිරිපත් කරලා එයින් සාම්පල කිහිපයක් තබාගෙන අනිත් මත්ද්‍රව්‍ය සියල්ල ඒ විනිශ්චයකාරවරයා ඉදිරියේ විනාශකරලා දානවා. ඒ පිළිබඳව අධිකරණ අමාත්‍යාංශයත් නීතිපති දෙපාර්තමේන්තුවත් වැඩකටයුතු කරගෙන යනවා නුදුරේදීම අපිට ඒ වැඩෙත් කරන්න පුළුවන්.”



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More