දේශීය පුවත්

ජීවත්වීමේ අයිතිය වෙනුවෙන් සටන් වැදීමට සූදානම් වන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (13) ජනතාවගෙන් ඉල්ලීමක් කරමින් පවසා සිටියේ කුමන ගැසට් නිවේදනයක් නිකුත් කළත් තම පක්ෂය 16 වැනිදා සංවිධානය කළ විරෝධතා රැළිය පවත්වන බවයි.

“ජනතා රැල්ල කාටවත් නතර කරන්න බෑ. ශ්‍රී ලංකා ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා මේ ආණ්ඩුවට විරුද්ධව මහපාරට බැහලා ජනතාවගේ ජීවත්වීමේ අයිතිය වෙනුවෙන් සටන් කරන්නට පෙරට එන්න කියලා. ”

සමගි ජන බලවේගය විසින් ‘සාපය දැන් ඇති අපි එනවා කොළඹට’ යනුවෙන් එළඹෙන 16 වැනිදා කොළඹ හයිඩ් පිටියේදී පැවැත්වීමට නියමිතව තිබූ විරෝධතා රැළිය සඳහා ලබාදී තිබූ අනුමැතිය සෞඛ්‍ය අමාත්‍යවරයා නිකුත් කළ ගැසට් නිවේදනයට අනුව අවලංගු කිරීමට පියවර ගෙන ඇති බව වාර්තාවේ.

මේ අතර එළඹෙන 16 වැනිදා පැවැත්වීමට නියමිත විරෝධතා රැළියට එරෙහිව සිවිල් සංවිධාන නියෝජිතයින් පිරිසක් ඊයේ(13) පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් ද ඉදිරිපත් කර ඇති බවද වාර්තාවේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More