දේශීය පුවත්

අයවැය යෝජනා සමාලෝචනය කිරීම සඳහා ඊයේ (13) පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා 2022 අයවැය කතාවේදී නොකිය වුණු වැදගත් කරුණක් තිබෙන බව අනාවරණය කළේය. ඒ අනුව ඔයාමඩුව, මිල්ලනිය, හම්බන්තොට, එරාවුර්, ඉරණවිල, කිලිනොච්චිය, මොනරාගල, ඇල්පිටිය, මත්තල, යාපනය, යන ප්‍රදේශවල නව නිෂ්පාදන ආයෝජන කලාප ඇති කරන බව පවසා සිටියේය.

“අයවැය යෝජනාවේදී මට කියවන්න බැරි වුණාට අපි ඇතුළත් කරලා තිබුණු වැදගත් කරුණක් තියෙනවා. ඒ නව නිෂ්පාදන ආයෝජන කලාප. අපි හා සමාන රටවල් සීඝ්‍රයෙන් දියුණු වුණේ නව නිෂ්පාදන භාණ්ඩ අපනයන වෙළෙඳපොළට යැවීම තුළින්. ඒ තුළින් රැකියාත් විදේශ විනිමයත් දෙකම උපයා ගත්තා. ඒ නිසා අපි හඳුනාගත් අංශ කිහිපයක නව නිෂ්පාදන ආයෝජන කලාප ඇති කරන්න. කාබනික පොහොර නිෂ්පාදනය, ඖෂධ නිෂ්පාදනය, ඇඟලුම් නිෂ්පාදනය, රබර් නිෂ්පාදනය, කෘෂිකාර්මික උපකරණ හා පසුසම්පත් නිෂ්පාදනය, ධීවර හා ජලජීවි නිෂ්පාදනය, රසායනික ද්‍රව්‍ය නිෂ්පාදනය, විදුලි හා ඉලෙක්ට්‍රොනික උපකරණ නිෂ්පාදනය, ක්‍රීඩා භාණ්ඩ නිෂ්පාදනය. ඔයාමඩුව, මිල්ලනිය, හම්බන්තොට, එරාවුර්, ඉරණවිල, කිලිනොච්චිය, මොනරාගල, ඇල්පිටිය, මත්තල, යාපනය, තමයි මේ කලාප ඇති කරන්නේ.”



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More