දේශීය පුවත්

කෙරවළපිටිය යුගදනවි විදුලි බලාගාරයේ රජය සතු කොටස් සියයට 40 ක් ඇමැරිකානු සමාගමකට පවරාදීමට සහ එම බලාගාරයට ද්‍රව වායු සැපයීමේ කොන්ත‍්‍රාත්තුව ඇමරිකානු සමාගමකට පවරාදීමට කැබිනට් මණ්ඩලය ගෙන ඇති තීරණය බල රහිත කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් සළකා බැලීම සඳහා පූර්ණ විනිසුරු මඬුල්ලක් පත්කරන ලෙස නීතිපතිවරයා ඊයේ (12දා) ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එකී කරුණු ජාතික වැදගත්කමක් සහිත ඒවා වන බැවින් පූර්ණ විනිසුරු මඬුල්ලක් පත්කිරීම යෝග්‍ය බව පෙන්වා දෙමින් අගමැතිවරයා සහ කැබිනට් මණ්ඩලය වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් පර්සාගා ජමීර් මහත්මිය එම ඉල්ලීම කළාය.

කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් තුමා හා ඇල්ලේ ගුණවංශ හිමිපාණන් සමගි ජනබලවේගය පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර හා ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී වසන්ත සමරසිංහ හා ලංකා විදුලි සේවක සංගමයේ මහ ලේකම් රන්ජන් ජයලාල් පෙරේරා සහ පෙත්සම්කරුවන් ගොනුකර තිබූ පෙත්සම් තුනක් ඊයේ 12දා බුවනෙක අලූවිහාරේ, ඒ. එච්. එම්. ඞී. නවාස් සහ මහින්ද සමයවර්ධන යන විනිසුරු මඬුල්ල හමුවේදී කැඳවිණි.

එහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මනෝහාරද සිල්වා මහතා කරුණු දක්වමින් මෙකී පෙත්සම් සළකා බැලීම සඳහා කෙටි දිනයක් කැඳවන ලෙසත් දීර්ඝ දිනයක් ඒ සඳහා නියම කරන්නේ නම් පෙත්සමට පාදකවූ කරුණු සම්බන්ධයෙන් තවදුරටත් ඉදිරි පියවර නොගන්නා බවට වගඋත්තරකාර අමාත්‍ය මණ්ඩලය වෙනුවෙන් පෙනී සිටින නීතිපතිවරයාගේ එකඟතාවයක් ලබාගන්නා ලෙසත් අධිකරණයෙන් ඉල්ලා සිිටියේය.

එකී පෙත්සම් සළකා බැලීම සඳහා ලබන 26 වැනිදා යළි කැඳවීමට දින නියම කළ විනිසුරු මඬුල්ල පූර්ණ විනිසුරු මඬුල්ලක් පත්කරන ලෙස නීතිපතිවරයා කළ ඉල්ලීම අගවිනිසුරුවරයාගේ අවධානය සඳහා යොමු කරන බව ද පෙන්වා දුන්නේය. පෙත්සම්වල සඳහන් සමහර වගඋත්තරකරුවන්ට මේ දක්වා නොතිසි ලැබී නොමැති බවද ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය එහිදී විනිසුරු මඩුල්ලට පෙන්වා දුන් අතර නොතිසි ලැබී නොමැති වගඋත්තරකරුවන්ගේ නම් මෝසමක් මගින් අධිකරණයට දැනුම් දෙන ලෙස ද විනිසුරු මඬුල්ල එහිදී නියෝග කළහ.

කාදිනල්තුමා හා ඇල්ලේ ගුණවංශ හිමියන් ප‍්‍රමුඛ පෙත්සම්කරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ සාලිය පීරිස්, ජනාධිපති නීතිඥ තිසත් අබේගුණවර්ධන හා ජනාධිපති නීතිඥ මනෝහාර ද සිල්වා යන මහත්වරු ජිනේන්ද්‍ර සිල්වා, ගිහාන් ලියනගේ, තාරක නානායක්කාර, අමන්ද අබේසිංහ හා ලිහිණි විජේසිංහ ඇතුළු නීතිඥ මණ්ඩලය සමඟ පෙනී සිටියහ.

එම පෙත්සම් සම්බන්ධයෙන් සීමිත විරෝධතා ගොනුකිරීමට පියවර ගන්නා බව ද ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් පර්සානා ජමීර් මහත්මිය එහිදී අධිකරණයට දැනුම් දුන්නාය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More