දේශීය පුවත්

දශක හතරකට අධික කාලයක් මෙරට සංගීත ක්ෂේත‍්‍රයට විශිෂ්ට සේවයක් කළ සංගීතවේදියකු, ගායන සහ රංගන ශිල්පියකු මෙන්ම වෙළෙඳ දැන්වීම් අධ්‍යක්‍ෂවරයකු වූ ලක්ෂ්මන් විජේසේකර මහතා ඊයේ (12 වැනිදා) පස්වරුවේ අභාවප‍්‍රාප්ත විය.

මිය යන විට ඒ මහතා 73 වැනි වියෙහි පසුවිය.

රටේ සමාජ දේශපාලන කාරණා විෂයෙහි අතිශයින්ම ප‍්‍රගතිශීලී ස්ථාවරයක හිඳ සිය කලා භාවිතය කළ ලක්ෂ්මන් විජේසේකර මහතා අසනීප තත්ත්වයෙන් සිටි අතර ඔහු රෝහල්ගතව ප‍්‍රතිකාර ලබමින් සිටියේය.

ලක්ෂ්මන් විජේසේකරයන් ගැයූ ‘දැල්වූ පහන්’, ‘ඇති දේ ඇති සැටියෙන්’, ‘ඔබ මට තරුවකි’, ‘දෑත දෙපා ලන ගිගිරි සරින්’, ‘සුපෙම් හැඟුම්’, ‘මේ පේ‍්‍රම සීමා මාලකේ’, ‘බාල ළමා වරුනේ’, ‘සිනා පිපෙනා මේ වසන්තේ’ වැනි ගීත සහෘද හදවත් තුළ දැඩිව තැන්පත් වී තිබුණේය. එමෙන්ම, විලම්බීත (ටී. බී. ඉලංගරත්න), දඟයන්ට පමණයි (ළමා), ටිකිරි සහ උංගි යන ටෙලිනාට්‍යවල ඔහු සංගීත අධ්‍යක්ෂණය කළේය.

සංගීතවේදී ලක්ෂ්මන් විජේසේකර මහතාගේ දේහය මහජන ගෞරවය උදෙසා අද (13 වැනිදා) ගල්කිස්ස කලාපුරයේ පිහිටි ඔහුගේ නිවසේ තැන්පත් කෙරෙන අතර දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට (14 වැනිදා) ගල්කිස්ස පොදු සුසාන භුමියේදී සිදු කිරීමට නියමිතය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More