ව්‍යාපාරික පුවත්

පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම විසින් ශ්‍රී ලංකා මහ බැංකුවේ ආචාරධර්ම පද්ධතිය කඩ කරමින් උපයන ලද රුපියල් බිලියන 8.5 ක මුදල මහා භාණ්ඩාගාරය වෙත මාරු කිරීමට යෝජනා කරනු ලබන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඊයේ (12) දින සිය අයවැය කතාවේ දී සඳහන් කරන ලදී.

“2015 පෙබරවාරි මස 1 වන දින සිට 2016 මාර්තු මස 31 වන දින දක්වා කාල සීමාව තුළ, භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුවන් පිළිබඳව පරීක්ෂා කිරීම සහ විමර්ශනය කිරීම සහ වාර්තා කිරීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාර කේ. ටී. චිත්‍රසිරි මැතිතුමාගේ සහභාගීත්වයෙන් යුත් ත්‍රිපුද්ගල ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවක් එවකට සිටි අතිගරු ජනාධිපතිතුමා විසින් පත් කරනු ලැබුවා.“

“එම ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ වාර්තාව අනුව, 2016 පෙබරවාරි 1 වන දින සිට 2016 මාර්තු 31 වන දින දක්වා කාල සීමාව තුළ, පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම (Perpetual Treasuries Ltd) විසින් සේවක ආර්ථසාධක අරමුදල, වෙනත් සංස්ථාපිත ආයතන සහ රජයේ ආයතන වෙත භාණ්ඩාගාර බැඳුම්කර විකිණිමේ දී, එම සමාගම විසින් ලද ලාභය ප්‍රධාන වශයෙන් ම “මිල සංවේදී අභ්‍යන්තර තොරතුරු (price sensitive inside information) සහ වෙළෙඳපොළ අයුතු ලෙස හැසිරවීම (market manipulation) හේතුවෙන් ලබා ගෙන ඇත. ඒ අනුව, 1937 අංක 07 දරන ලියාපදිංචි ස්කන්ධ හා සුරැකුම්පත් ආඥා පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රාථමික අලෙවිකරුවන්ට මනා පරිචයක් ලබා දීම උදෙසා නිකුත් කර ඇති ආචාරධර්ම පද්ධතියේ ප්‍රතිපාදන, දැනුවත්ව, කඩ වන අයුරින් ක්‍රියාකර, රුපියල් බිලියන 8.5 ක් උපයාගෙන ඇති බව එම වාර්තාවේ සඳහන් වේ.“

“එම කොමිෂන් සභාවේ නිර්දේශ අනුව, නීතිපතිවරයා විසින් ගෙන ඇති නීතිමය ක්‍රියාමාර්ගවලට හානියක් නොවන අයුරින්, පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම (Perpetual Treasuries Ltd) ශ්‍රී ලංකා මහ බැංකුවේ ආචාරධර්ම පද්ධතිය කඩ කරමින් උපයන ලද රුපියල් බිලියන 8.5 ක මුදල මහා භාණ්ඩාගාරය වෙත මාරු කිරීමට යෝජනා කරනු ලබනවා.“



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More