මතභේදයට තුඩු දී ඇති කාබනික පොහොර රැගත් නෞකාව අයත් සමාගම විසින් නිකුත් කළ එන්තරවාසිය සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ උපදෙස් ලැබීමට නියමිතව තිබේ.
ජාතික ශාක නිරෝධායන සේවයේ අතිරේක අධ්‍යක්ෂවරයා වෙත අදාළ සමාගම විසින් පසුගියදා අමෙරිකානු ඩොලර් මිලියන 8 ක වන්දියක් ඉල්ලා එන්තරවාසියක් යොමු කර තිබුණි.
එම එන්තරවාසිය පසුගිය 9 වනදා ජාතික ශාක නිරෝධායන සේවයේ අතිරේක අධ්‍යක්ෂවරයා වෙත ලැබුණු අතර ඒ අනුව අදාළ එන්තරවාසිය සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සඳහා එය නීතිපතිවරයා වෙත යොමුකර තිබේ.
අහිතකර බැක්ටීරියා අඩංගු වී ඇති බවට තහවුරු වීම හේතුවෙන් චීන සමාගමක් විසින් මෙරටට එවන ලද කාබනික පොහොර තොගය භාර ගැනීම ප්‍රතික්ෂේප කිරීමට රජය පසුගියදා පියවර ගත්තේය.
ඒ ජාතික ශාක නිරෝධායන සේවය විසින් සිදුකළ පරීක්ෂණයකින් අනතුරුවය.
කෙසේවෙතත් කාබනික පොහොර සහිත “හිපෝ ස්ප්‍රිට්” නෞකාව මේ වන විට ශ්‍රී ලංකා මුහුදු සීමාව තුළ නැංගුරම්ලා ඇති බව වාර්තා වේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...