උතුරු පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ජගත් පලිහක්කාර මහතා ගේ උපදෙස් මත උතුරු පළාත් ආණ්ඩුකාරවර ජීවන් ත්‍යාගරාජා මහතාගේ පූර්ණ අධීක්ෂණයෙන් උතුරු පළාතේ තරුණ වැරදිකරුවන්ගේ අපරාධ නැවැත්වීම සඳහා රැකියා විරහිත තරුණයන් නිවැරදි මඟට යොමු කිරීමේ අරමුණින් උතුරු පළාත තුළ ප්‍රජා පොලිස් විශේෂ වැඩසටහන් පෙළක් සූදානම් කර ඇති බව වාර්තාවේ.
උතුරු පළාතේ සෑම දිත්‍රික්කයක්ම ආවරණයවන පරිදි මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබන මෙම වැඩසටහන ප්‍රජා පොලිස් කමිටු සංකල්පය මත ක්‍රියාත්මක වන අතර එමගින් එම තරුණයන්ට ප්‍රජා පොලිස් සේවාව හරහා නොයෙකුත් ක්‍රියාකාරකම් වලට සම්බන්ධ කරගන්නා අතර මාස 6 ක වැඩ සටහනකින් පසුව ඔවුනට විශේෂ සහතික පත්‍රයක් ද පිරිනැමීමට නියමිත බව වාර්තාවේ.
උතුරු පළාත තුල සිටින රැකියා විරහිත තරුණයන් තෝරා ගෙන ඔවුන් තුළ ඇති විශේෂ දක්ෂතාවයන් හදුනා ගෙන මෙම වැඩසටහන ආරම්භ කිරීමට නියමිත බව ආණ්ඩුකාරවරයාට සම්බන්ධ ආරංචි මාර්ග පවසයි.
මෙම කණ්ඩායම් තෝරා ගැනීම සඳහා යාපනය, කන්කසන්තුරෙයි, කිලිනොච්චිය, මුලතිව්, මන්නාරම යන දිස්ත්‍රික්ක වල කොට්ඨාස භාර පොලිස් නිලධාරීන් දැනුවත් කර ඇති බව උතුරු පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ජගත් පලිහක්කාර මහතා පවසයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...