දේශීය පුවත්

ශ්‍රී ලංකාව තුළ – එක රටක් එක නීතියක් යන සංකල්පය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පත්කර ඇති එක රටක්, එක නීතියක් සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය විසින් මහජන අදහස් විමසීමට තීරණය කර තිබේ.

ඒ අනුව ආයතන, කණ්ඩායම් සහ පුද්ගලයන් විසින් ලබා දීමට බලාපොරොත්තුවන අදහස් හා යෝජනා ocol.consultations@gmail.com යන විද්‍යුත් ලිපිනයට යොමුකර හැකියි.

එසේම තැපැල් මාර්ගයෙන් යොමුකරන ලිපි ලේකම්, එක රටක් එක නීතියක් සදහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය, තැ.පෙ. 504, කොළඹ යන ලිපිනයට යොමුකිරීමේ හැකියාවද පවතී.

එම අදහස් හා යෝජනා 2021 නොවැම්බර් 30 ට පෙර ලබා දිය හැකි බව එක රටක්, එක නීතියක් සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටී.

ශ්‍රී ලංකාව තුළ – එක රටක් එක නීතියක් යන සංකල්පය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් විවිධ පාර්ශවයන් දරන අදහස් හා මතවාදයන් ද සැලකිල්ලට ගනිමින් එකී සංකල්පය අධ්‍යයනය කිරීමෙන් අනතුරුව ඒ සඳහා ශ්‍රී ලංකාවට ආවේනික වූ සංකල්පමය රාමුවක් සකස් කිරීම සඳහා ජනපතිවරයා විසින් එක රටක්, එක නීතියක් සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය පත්කරන ලදී.

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි එම ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති ලෙස පත්කර තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More