දේශීය පුවත්

චීන පොහොර නැව මේ වනවිට ශ්‍රී ලංකාවේ අධිකරණ බල ප්‍රදේශයට අයත් නාවික සැතපුම් 12 ක වපසරියට මායිම්ව කළුතරට නුදුරු ශ්‍රී ලංකා මුහුදු තීරයේ නැංගුරම්ලා තිබේ.

මේ අතර අදාළ පොහොර තොගයේ ආනයනකරුවන් වන රජයේ පොහොර සමාගම් පැවසුවේ නැව ආපසු රැගෙන යාම සඳහා චින්දාවෝ සී වින්ග් බයෝටෙක් සමාගම රජයට කොන්දේසී කිහිපයක් ඉදිරිපත් කර ඇති බවයි.

නැව ආපසු රැගෙන යාමට හේතුව ලෙස ශාක නිරෝධායන සේවයේ අනුමැතියකින් තොරව පැමිණිම පමණක් බවට මාධ්‍ය වෙත ප්‍රකාශයක් කිරීම ඒ අතර ප්‍රධාන ඉල්ලීමකි.

නැව රැගෙන ගොස් ආපසු පැමිණිම සඳහාත් ප්‍රමාද වූ දින ගණන සඳහාත් අලාභය ගෙවිය යුතු බවට ද චින සමාගම කොන්දේසියක් ඉදිරිපත් කර තිබේ.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී කෘෂිකර්ම අමාත්‍යාංශය අවධාරණය කළේ, නැවට කිසිදු ගාස්තුවක් නොගෙවන බවයි.

ඇනවුම් නොකළ භාණඩයක් සඳහා කිසිදු මුදලක් ගෙවීමට නීතීමය බැඳීමක් නැතැයි අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය උදිත් කේ ජයසිංහ මහතා ප්‍රකාශ කළේ ය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More