රාජ්‍ය බැංකු පද්ධතියේ ස්ථාවරත්වය වෙනුවෙන් ඉන්ධන මිල සූත්‍රයක් අත්‍යවශ්‍ය බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.
මිල ගණන් ඉහළ යාම අනුව සහ ඉදිරි කාල සීමාවේද මෙම තත්වය තව දුරටත් ඉහල යනු ඇතැයි පුරෝකතන හේතුවෙන් ඉන්ධන අර්බුදය විසඳීමට මිල සංශෝධන පමණක් ප්‍රමාණවත් නැතැයි ද මහ බැංකුව කියා සිටියි.
මහ බැංකුව මේ බව කියා සිටින්නේ මෑතකාලීන ආර්ථික ප්‍රවණතා නමින් නිකුත් කරන ලද නවතම වාර්තාව ඔස්සේය.
මිල සූත්‍රය හරහා ඉන්ධන මිල නියම කිරීම මගින් ඉන්ධන මිල ගණන් පිළිබඳව ජනතාව තුළ පවතින පිළිගැනීම වැඩි දියුණු කළ හැකි බවත් ක්‍රියාවලිය විනිවිදභාවයකින් පවත්වාගෙන යා හැකි බවත් මහ බැංකුව පෙන්වා දෙයි.
එමෙන්ම ලෝක වෙළඳපොලේ මිල පහල වැටීමේ ප්‍රතිලාභ පාරිභෝගිකයාට ක්ෂණිකව ලබා ගැනීමට හැකිවනු ඇතැයි ද එම වාර්තාවේ සඳහන්ය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...