දේශීය පුවත්

පිරිපහදු කිරීම සඳහා බොරතෙල් නැති වීම නිසා සපුගස්කන්ද තෙල් පිරිපහදුව එළැඹෙන 15 වනදා සිට වසා දැමීමට සිදුව ඇතැයි සතිඅන්ත පුවත්පතක් වාර්තා කරයි.

පිරිපහදුවේ ඉහල නිලධාරියෙකුද එම තොරතුරු තහවුරු කර ඇති බවත් වාර්තාව කියා සිටී.

බොරතෙල් රැගත් නැවක් මෙරටට පැමිණීමට නියමිත ඇත්තේ දෙසැම්බර් මාසයේ තුන්වන සතියේ බවත් එතෙක් සපුගස්කන්ද පිරිපහදුව වසා දැමීමට සිදු වනු ඇති බවත් පුවත්පත් වාර්තාවේ සඳහන්ය.

දෙසැම්බර් මාසයේ බොරතෙල් රැගෙන එන නැව් මගින් ගෙන එනු ලබන බොරතෙල් මෙට්‍රික් ටොන් අනූදාහ ප්‍රමාණවත් වන්නේ දින පහළොවකට පමණක් බවද එම වාර්තාව කියා සිටී.

දෙසැම්බර් මාසයේ තුන්වන සතියට පසු නැවතත් බොරතෙල් නැවක් පැමිණීමට ඇති ජනවාරි මාසයේ මැද වන තෙක් නැවතත් පිරිපහදු වසා ලැබෙනු ඇතැයි ද වාර්තාවේ තවදුරටත් සඳහන්ය.

සපුගස්කන්ද පිරිපහදුව බොර තෙල් නැතිවීම හේතුවෙන් වසා තැබීමට සිදු ව ඇත්තේ ඉතිහාසයේ පළමු වරට බවද එම වාර්තාව තවදුරටත් කියා සිටියි.

මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කළේ මෙරට බොර තෙල් හිඟයක් ඇති විය හැකි බවත් තමන් ඔක්තෝබර් මාසයේ දී සඳහන් කර ඇති බවයි.

එළඹෙන පහළොස් වනදා වන විට බොරතෙල් හිගයක් ඇති වන්නේදැයි අද දිනය තුල නිශ්චිත වශයෙන්ම කිව හැකි බවද ඔහු සඳහන් කළේය.

කෙසේ නමුත් ඒ හේතුවෙන් මෙරට ඉන්ධනයක් ඇති නොවන බවද පැවසූ ඔහු වෙළඳපලෙන් පෙට්ට්‍රල් ඩීසල් තොග ලැබෙන නිසා මෙරට ඉන්ධන සැපයුම සැපයුම අඛණ්ඩව පවත්වාගෙන යන බවද පැවසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More