ආපදා තත්වය හේතුවෙන් දිවයින පුරා පාසල් 630 ක් පමණ වසා දැමීමට සිදු වී තිබෙන බව වාර්තා වේ.
යාපනය දිස්ත්‍රික්කයේ පාසල් 444 ක්ද, වයඹ පළාතේ පුත්තලම අධ්‍යාපන කලාපයේ පාසල් 37ක්ද, හලාවත සහ ගිරිඋල්ල යන කලාපවල පාසල් 11 බැගින් ද වසා දැමීමට සිදුවූ බවයි පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ ජයලත් දිසානායක මහතා පැවසුවේ.
ගිරිඋල්ල කලාප අධ්‍යාපන කාර්යාලය ද ජලයෙන් යටවී වී ඇති බවත් ඒ මහතා පැවසා සිටියේය.
එමෙන්ම බස්නාහිර පළාතේ කළුතර සහ ගම්පහ දිස්ත්‍රික්කයන්හි පාසල් 15ක් පමණද සබරගමුව පළාතේ ඇළපාත ප්‍රදේශයේ පාසල් පහක් ද වසා දැමීමට සිදුවී තිබේ.
මේ අතර පවතින අයහපත් කාලගුණය මත කිලිනොච්චි දිස්ත්‍රික්කයේ පාසල් 105ක්ද වසා දමා තිබේ.
ආපදා තත්වය හේතුවෙන් පාසල්වලට කිසිදු හානියක් සිදු වී නොමැති බවත් පාසල් වසා දීමට සිදුවේ අවට පවතින ගංවතුර තත්වයන් නිසා බවයි එම ප්‍රදේශවල අධ්‍යාපන බලධාරීන් පවසුවේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...