දේශීය පුවත්

චීනයේ සිට මෙරටට ආනයනය කරන ලද කාබනික පොහොර තොගයේ හානිකර බැක්ටීරියා කිසිවක් නොමැති බව ඒවා පරීක්ෂණ සඳහා යොමු කළ තුන්වන පාර්ශවය ආයතනය විසිනි තහවුරු කර ඇති බව Qingdao Seawin Biotech Group චීන සමාගම සඳහන් කර ඇත.

අදාල පොහොර සාම්පලවල හානිකර බැක්ටීරියා ඇති බව ශ‍්‍රී ලංකාවේ ශාක නිරෝධායන සේවාව විසින් සිදු කරන පරීක්ෂණ වලින් හෙලි විය.

පසුව එම පරීක්‍ෂණ වාර්තා අභියෝගයට ලක්වෙමින් චීන Qingdao Seawin Biotech Group සමාගම විසින් දෙරටේ එකගතාවය තෙවන පාර්ශවයක් ලෙස Schutter Global Inspection and Survey Company වෙත පරීක්ෂණ සඳහා යෙමු කරන ලදී.

ඒ අනුව සිදුකරන ලද පරීක්ෂණ වලට ශ්‍රී එම පොහොරවල කිසිදු හානිකර බැක්ටීරියා හමු නොවූ බව සමාගම සඳහන් කර ඇති බව ඩේලි මිරර් පුවත්පත වාර්තා කරයි.

අදාල පොහොර තොගය රැගත් නෞකාව මේ වන විට කොළඹ වරාය ආසන්නයේ රදවා ඇති අතර වහාම පොහොර තොගයට ගාස්තු ගෙවා බාර ගන්නා ලෙස චීනය දැනුම් දී ඇත.

එමෙන්ම ඒ සදහා ණයවර ලිපි විවෘත කරන ලද මහජන බැංකුව චීනය විසින් ආසාලු ලේඛණ ගත කර ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More