ඉදිරි මැතිවරණයේ දී ජාතික ලැයිස්තුවෙන් 50%ක නියෝජනයක් කාන්තාවන් ට ලබාදිය යුතු බව පිවිතුරු හෙළ උරුමය යෝජනා කර තිබේ.
මැතිවරණ ප්‍රතිසංස්කරණ සඳහා වන පාර්ලිමේන්තු කාරක සභාවට ඔවුන් මේ බව යෝජනා කර ඇත.
එමෙන්ම අපේක්ෂක ලැයිස්තුවෙන් 25%ක නියෝජනයක් කාන්තාවන් ට ලබාදිය යුතු බව පිවිතුරු හෙළ උරුමය වෙනුවෙන් අමාත්‍ය උදය ගම්මන්පිල මහතා යෝජනා කර ඇතැයි වාර්තා වේ.
පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව අමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ පවත්වා ඇති අතර, එහිදී අදහස් දක්වමින් ගම්මන්පිල මහතා පවසා ඇත්තේ, ප්‍රචාරණයේ දී පෝස්ටර් තහනම ඉදිරියේ දී පැවැත්වාගෙන යා යුතු බවය.
එමෙන්ම මැතිවරණයේ දී අපේක්ෂකයින් වියදම් කරන මුදල් ප්‍රමාණය පිළිබඳ සීමාවක් ඇති කළ යුතු බවත්, මැතිවරණයෙන් පසු මාස තුනක් ඇතුළත වියසම් කළ මුදල් ප්‍රමාණය ප්‍රසිද්ධියට පත්කර මුදල් පරිත්‍යාගවල ප්‍රභවය සඳහන් කළ යුතු බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර තිබේ.
ජනාධිපතිවරයා පත්වීමේ වාර ගනන පිළිබඳව ද මැතිවරණ කොට්ඨාසය සීමා නිර්ණය කිරීමේ දී අවධානය යොමුකළ යුතු බව උදය ගම්මන්පිල අමාත්‍යවරයා පැවසීය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...