කෘෂිකර්ම අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඊයේ(09) පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් පිළිතුරු දෙමින් සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසා සිටියේ ඉන්දියානු සමාගම සමඟ නැනෝ යූරියා ගනුදෙනුව සිදු කළ හොත් ශ්‍රී ලංකා රජයට රුපියල් කෝටි අටසියයක පාඩුවක් සිදුවන බව තමා කළ මාධ්‍යය සාකච්ඡාවකදී ප්‍රකාශ කළ බවයි.
කෘෂිකර්ම අමාත්‍යයවරයා ඔක්තෝබාර් 18 වනදා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අනුව අදාළ ඉන්දියානු සමාගමෙන් නැනෝ නයිට්‍රජන් මිලට ගන්නා බව සඳහන් කර ඇතැයි තමන් මාධ්‍යය සාකච්ඡාවේදී අනාවරණය කළ බව පිලිගන්නා බවද අමාත්‍යයවරයා පවසා සිටියේය.
එහිදී පාඨලී චම්පික මහතා වැඩිදුරටත් පවසා සිටියේ අදාළ ඉන්දියානු සමාගමේ වෙබ් අඩවියේ කිසිදු තැනක නැනෝ නයිට්‍රජන් කියා දෙයක් නොමැති බවත් ඇත්තේ නැනෝ යූරියා කියා යැයිද පවසා සිටියේය. ඩොලර් හයකට මිලදී ගත හැකි නැනෝ යූරියා පොහොර ලීටරයට ඩොලර් විසිපහක් ගෙවීම සම්බන්ධයෙන් තමා මාධ්‍යය සාකච්ඡාවේදී ප්‍රශ්න කළ බවද ඒ මහතා පාර්ලිමේන්තුවේදී පවසා සිටියේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...