සම්බුද්ධ පරිනිර්වාණය සිදුවූ කුසිනාරාව හෙවත් කුෂිනගර්හි ගුවන්තොටුපල ජාත්‍යන්තර ගුවන් තොටුපොළක් බවට සංකේතවත් කරමින් සංවිධානය කර තිබු බෞද්ධ සම්මන්ත්‍රණය අමතමින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි බෞද්ධ දර්ශනය පිළිබඳව අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ,
“බුදුන් වහන්සේගේ ධර්මයේ සංකේතවත් වන ධර්ම චක්‍රය භාරතයේ ජාතික ධජය තුළ වැජඹෙමින් ඔවුන්ට ශක්තිය ලබාදෙන බවත් භාරතීය ව්‍යවස්ථාව බලන අයෙකුට නිරන්තරයෙන්ම ව්‍යවස්ථාව තුළ ඇස ගැටෙන පාඨයක් වනුයේ ‘ධර්මචක්‍ර ප්‍රවර්ධනා’ යන පාඨයයි.ඒ වගේම බුදුන් වහන්සේගේ ධර්මයෙන් භාරතයේ උතුරු ප්‍රදේශය ආලෝකමත් වූ බව කියවෙනවා නමුත් ඉතිහාසය හොඳින් කියවා බලන විට බුදුන් වහන්සේගේ ධර්මයෙන් භාරතයේ උතුරු ප්‍රදේශය පමණක් නොව දකුණත් , නැගෙනහිරත් ආලෝක වී ඇත.බුදු දහමේ සඳහන් වන වටිනා මූලික අදහසක් තමයි
‘අප්පමාදෝ අමතපදං – පමාදෝ මච්චුනෝ පදං
අප්පමත්ථාත මීයන්තී -යේ පමන්තා යථාමථා’
අප්‍රමාද වූවෝ නොමැරුණු අය සේය, පමාවූවෝ මියගිය අය සේය.ඒ අනුව අද භාරතයේ බුදුන් වහන්සේගේ ධර්මය අනුව ඉදිරියට යනවා ඒ වගේම අපි මුළු ලෝකයත් සමග ඉදිරියට ගමන් කරනවා. බුදුන් වහන්සේ දේශනා කරනවා තමන්ට ආලෝකයක් වන්නේ තමන්මයි කියන එක ඒ දේශනාව මම සම්පූර්ණයෙන්ම විශ්වාස කරනවා බුදුන්ගේ මේ දේශනාව අනුව අපි හැමෝම එකතු වෙලා මානව සංහතියේ දියුණුවට වැඩ කළ යුතුයි”
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...