දේශීය පුවත්

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ  කෙටුම්පත මේ වසර අවසන්වන විට  සකස්කර අවසන් කිරීමට   බලාපොරොත්තු වන බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී අද (10) පැවැසීය.

මෙම කෙටුම්පත සකස් කිරීමේ කටයුතු දැනට අවසන් අදියරේ පවතින බවද හෙතෙම සඳහන් කළේය.

අගමැතිවරයා මෙසේ පැවසුවේ  ජාතික ජන බලවේගය පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය මගින් රටට නව ව්‍යවස්ථාවක් ගෙන එන බවට පොරොන්දුවක් ලබා දුන් බවත්  ජනතාව ලබාදුන් ඒ  ජනවරමට  අනුව රජය නව ව්‍යවස්ථාවක් ගෙන ඒමට කටයුතු කරගෙන යන බවත් මහින්ද රාජපක්ෂ මහතා කීවේය .

පැරණි ව්‍යවස්ථාවේ අඩුපාඩු හඳුනාගෙන නව ව්‍යවස්ථාව සකස් කරන බව පැවසූ අගමැතිවරයා නව ව්‍යවස්ථාව සකස් කිරීම සඳහා ඇමැති මණ්ඩලයේ එකඟත්වය  අනුව ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු කමිටුවක් පත් කර ඇති බවත්  සඳහන් කළේය.

අභියාචනාධිකරණයේ හිටපු සභාපති විනිසුරු  අබ්දුල් වහීබ්, අබ්දුල් සලාම්,මහාචාර්ය වසන්ත සෙනෙවිරත්න,මහාචාර්ය ජී.එච් පිරිස්, ජනාධිපති නීතිඥ මනෝහාර ද සිල්වා  , ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන, ජනාධිපති නීතිඥ සමන්ත රත්වත්තේ ජනාධිපති නීතිඥ නවීන් මාරපන  සහ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ඒ.එස් සර්වේස්වරන් යන මහත්වරුන් එම කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස කටයුතු කරන බවද හෙතෙම  පැවසුවේය.

විවිධ පාර්ශ්ව අදහස් සැලකිල්ලට ගෙන අධ්‍යයන කර නව ව්‍යවස්ථාව සකස් කරන බවත්  රටට ආවේණික සංකල්පමය  නීතිමය රාමුවක්  සඳහා යෝජනා ඉදිරිපත් කිරීමට ජනාධිපති කාර්ය සාධක බලකායක්ද  පත්කර ඇති බවත් අගමැතිවරයා  ප්‍රකාශ කළේය.

මෙහිදී අදහස් දැක්වූ සභා නායක දිනේෂ් ගුණවර්ධන මහතා පැවසුවේ එම  කාර්ය සාධක බලකාය පත්කළේ  ජනාධිපතිවරයාට ඇති බලතල  අනුව බවයි.

එමගින් ලැබෙන නිර්දේශ ක්‍රියාත්මක කරන්නේ අධිකරණ ඇමැතිවරයා සමග සාකච්ඡා කිරීමෙන් පසුව බවද  හෙතෙම සඳහන් කළේ‍ය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More