දේශීය පුවත්

ඉන්දියාවෙන් ආනයන කළ නැනෝ නයිට්‍රජන් දියර පොහොර වැඩි මිලට ශ්‍රී ලංකාවේ ගොවියාට විකුණන බවට පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් කිරීමට කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත මේ වන විට පැමිණ ඇති බව වාර්තාවේ.

ඊයේ(09) පාර්ලිමේන්තුවේදී මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරමින් අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසා සිටියේ පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතාගේ අදාළ ප්‍රකාශය සම්බන්ධයෙන් පැමිණිල්ලක් සිදුකරන බවයි.

ශ්‍රී ලංකාවට ඉන්දියාවෙන් නැනෝ නයිට‍්‍රජන් ආනයනයේ දී කෘෂිකර්ම අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ සහ නියෝජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ රුපියල් බිලියන අටක් වංචා කළ බවට පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා චෝදනාව එල්ල කරණු ලැබීය.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසා සිටියේ අදාල ඉන්දීය  සමාගමේ වෙබ් අඩවිය ඔස්සේ ප්‍රකාශ කර ඇත්තේ නැනෝ යූරියා වල මිල ගණන් බවත් ගෙන්වන ලද්දේ නැනෝ නයිට්‍රජන් බවත් සඳහන් කළේය.

තවදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පවසා සිටියේ එම වෙබ් අඩවියේ දක්වා ඇත්තේ ඉන්දියාවේ ගොවීන්ට සහනාධාර මිල බවත්ය.

කෙසේ වුවද ඉන්දීය සමාගම නිෂ්පාදනය කරණ නැනෝ යූරියා දියර පොහොර ඉන්දීය රුපියල් 240 ක මුදලකට අන්තර්ජාලය ඔස්සේ අලෙවි කිරීමට ඔවුන් කටයුතු කරන අතර එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් 645 ක පමණ වන බවද පැවසේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More