දේශීය පුවත්

ඉල්ලීම් 06කට විසඳුම් ඉල්ලා සෞඛ්‍ය සේවාවන් 15ක සහභාගීත්වයකින් ඊයේ (09 දා) පැවැත්වූ සංකේත වැඩවර්ජනය ඉතා සාර්ථක වූ බව පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලයේ සභාපති රවී කුමුදේශ් මහතා දිවයිනට ඊයේ (09 දා) පැවසීය.

තම ඉල්ලීම්වලට සාධාරණ විසඳුම් ලබාදෙන ලෙස තවත් සතියක් ආණ්ඩුවට කල්දෙන බවත් එයිනුත් සහනයක් නොලැබෙන්නේ නම් දැඩි වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ග ගැනීමට වෘත්තීය සමිති එක`ගතාවයට පැමිණි බවත් කුමුදේශ් මහතා කීය.

මෙම වැඩවර්ජනය සඳහා වෛද්‍ය රසායනාගාර විශේෂඥයින්, ඖෂධවේදීන්, සියලූ පරිපූරක වෛද්‍ය වෘත්තිකයන්, මහජන සෞඛ්‍ය පරීක්‍ෂක, ඖෂධ සංයෝජක, පවුල් සෞඛ්‍ය නිලධාරීන් හෙද වෘත්තිකයන් ඇතුළු වෘත්තීන් 15ක 50,000 ක පමණ පිරිසක් එක්වූ බවද ඒ මහතා කීය.

මාතෘ, පිළිකා, ළමා රෝහල් සහ කොවිඞ් රෝහල්වල වර්ජනය ක‍්‍රියාත්මක නොවූ බව කී කුමුදේශ් මහතා වැඩ වර්ජනයක් ක‍්‍රියාත්මක වුවත් හදිසි අවශ්‍යතා සඳහා සේවා සැපයීමට තම සංගම් නියෝජිතයින් කටයුතු කළ බවත් කීය.

තම ඉල්ලීම් අතර සෞඛ්‍ය පරිපාලන සේවාව ස්ථාපිත කිරීම, මාණ්ඩලික සේවා චක‍්‍රලේඛය වහා නිකුත්කිරීම, උසස්වීම් චක‍්‍රලේඛය වහා නිකුත් කිරීම ඖෂධ මිල අඩුකිරීම ඇතුළු ඉල්ලීම් පැවැති බවද ඔහු කීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More