දේශීය පුවත්

අද (09) පෙරවරුවේ බලශක්ති අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසා සිටියේ ඉන්ධන මිල ඉහළ දමන්නේ ද නැද්ද යන තීරණය මුදල් අමාත්‍යවරයා විසින් ගනු ඇති බවයි.

එහිදී මාධ්‍යයවේදීන් නැගූ ප්‍රශ්නවලට වැඩිදුරටත් පිළිතුරු දෙමින්

“පහුගිය කාලයේ භූමිතෙල් සඳහා තිබෙන ඉල්ලුම දෙගුණයකින් ඉහළ ගොස් තිබෙනවා. ඒකට පළමු හේතුව තමයි ඩීසල් ලීටරයක් අපි රු 111කට විකුණන කොට භූමිතෙල් ලීටරයක් විකුණන්නේ රු 77කට. මේ නිසා කර්මාන්ත ශාලාවල යන්ත්‍ර සූත්‍ර බෝට්ටු පමණක් නෙමෙයි බස්රථ පවා මේ දවස්වල භූමිතෙල්වලින් දුවන්න පටන් අරන් තියෙනවා. ගෑස් සහ භූමිතෙල් අතර පවතින දැවැන්ත මිල පරතරය නිසා ගෑස් උඳුන්වලින් ආහාර පිසීම වෙනුවට භූමිතෙල් උඳුන් ඒ සඳහා භාවිත කරන්න ජනතාව පෙළඹිලා. අපි මේ දිනවල ගොවි ප්‍රජාව හා ධීවර ප්‍රජාව නොමැති ප්‍රදේශවල භූමිතෙල් නිකුත් කිරීම පාලනයක් සහිතවයි කරන්නේ.ජනතාව දැවැන්ත පීඩාවකින් සිටින නිසා, ගහෙන් වැටුණ මිනිහා ට ගොනා ඇනීම සිදුනොවිය යුතුයි කියලා හිතලා තමයි දැවැන්ත පාඩුවක් දරමින් ඉන්ධන මිල වැඩිකිරීමක් සිදුනොකළේ. නමුත් මේ අයවැය මාසයේ ඉන්ධන මිල තීරණය කිරීම මුදල් අමාත්‍යතුමාට භාරයි.”



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More