දේශීය පුවත්

නොරොච්චෝල ගල්අඟුරු බලාගාරයට අවශ්‍ය ගල්අඟුරු ටොන් ලක්‍ෂ හයක් පමණ මෙරටට ගෙනඒමට නොහැකිවීමෙන් ලබන වසරේ මුල සිට රටතුළ බරපතළ විදුලි අර්බුදයක් නිර්මාණය වී විදුලි කපාහැරීමට සිදුවනු ඇතැයි ලංවීම කියා සිටී.

මේ සම්බන්ධයෙන් ලංවීම සභාපති එම්. සී. සී. ප‍්‍රදිනාන්දු මහතාගෙන් කළ විමසීමේදී ඒ මහතාද කියාසිටියේ ගල්අඟුරු මිල ඉහළ යෑම සහ ක්‍ෂණික මිලදී ගැනීමට අදාළව කැඳවූ ටෙන්ඩරය අවලංගු වීම නිසා ගල්අඟුරු නෞකා හයක් මෙරටට නොපැමිණි බවයි.

නමුත් නොරොච්චෝල ගල්අඟුරු බලාගාරයේ සමස්ත විදුලි නිෂ්පාදනය වන මෙගාවොට් 900 න් මෙගාවොට් 300 බැගින් වන උත්පාදන යන්ත‍්‍ර එකක් හෝ දෙකක් නතර කර ඉන්ධන භාවිත කොට විදුලිය නිපදවිය හැකි විකල්ප විදුලි බලාගාර වලින් විදුලිය ජනනය කරන බවද ඒ මහතා කීය. එලෙස ඉන්ධන මගින් විදුලිය ජනනය කිරීමේදී අතිවිශාල පිරිවැයක් දැරීමට සිදුවීම ඊළඟ කාරණය බවත් ගල්අඟුරු මගින් නිපදවන විදුලි ඒකකයක නිෂ්පාදන වියදම රුපියල් 15 ක් පමණ වනවිට ඞීසල් බලාගාරයකින් නිපදවන විදුලි ඒකකයක මිල රුපියල් 30 ඉක්මවන බවද ලංවීම සභාපති එම්. සී. සී. ප‍්‍රනාන්දු මහතා සඳහන් කළේය.

නොරොච්චෝල ගල්අඟුරු බලාගාරයට වසරකට ගල්අඟුරු ටොන් ලක්‍ෂ 20 ක් පමණ අවශ්‍යය.

මේ අවස්ථාවේ යළි ටෙන්ඩර කැඳවූවත් ගල්අඟුරු ගොඩබෑමේ ගැටලූව මෙන්ම ගල්අඟුරු මිල ඉහළයෑම හා හිඟය නිසා එයද ගැටලූකාරී වී ඇති බවද ඒ මහතා කීය.

ලබන වසරේ අපේ‍්‍රල් මාසයෙන් පසු ඔක්තෝබර් දක්වා කාලයේදී වාරකන් නිසා ගල්අඟුරු ගොඩබෑම කළ නොහැකිවීමෙන් දැනට බලාගාරයට අවශ්‍ය ගල්අඟුරු ටොන් ලක්‍ෂ හයක් අපේ‍්‍රල්වලට පෙර ගෙන්වා ගැනීමට සිදුව ඇත.

නොරොච්චෝල ගල්අඟුරු බලාගාරයට අවශ්‍ය ගල්අඟුරු මිලදී ගන්නා ක‍්‍රමවේදය වන්නේ බලාගාරයට අවශ්‍ය ගල්අඟුරුවලින් සියයට පනහක් වාර්ෂික ටෙන්ඩර් කි‍්‍රයා පටිපාටියට අනුව මිලදී ගැනීමය. ඉතිරි සියයට පනහ මිලදී ගන්නේ ක්‍ෂණික මිලදී ගැනීම් :ීචදඑ* යටතේය.

ඉකුත් දින පනහක කාලයේ දී මෙරටට ගෙන්වා ගැනීමට නියමිතව තිබූ ගල්අඟුරු ටොන් ලක්‍ෂ හයක් මිලදී ගැනීමට අදාළව කැඳවූ ක්‍ෂණික මිලදී ගැනීම් ටෙන්ඩරය අහෝසිවීම නිසා මෙම ගැටලූව නිර්මාණය වී ඇත.

ගල්අඟුරු හිඟය, මිල ඉහළ යාම, ඩොලර් හිඟය හා ටෙන්ඩර් වලට මිල ගණන් ඉදිරිපත් නොකිරීමේ ගැටලූ මත ලබන වසරේ සිට මෙරට විදුලිබල අර්බුදය උග‍්‍ර අතට පත්වනු ඇතැයි විදුලි ඉංජිනේරු සංගමය ද අනතුරු අඟවා සිටී.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More