දේශීය පුවත්

ජනාධිපතිවරයා වෙත සිය ඉල්ලා අස්වීමේ ලිපිය බාරදුන් අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහතා තවදුරටත් අධිකරණ අමාත්‍ය ධූරයේ රැදී සිටීමට තීන්දු කර ඇති බව දැනගන්නට ඇත.

සබ්‍රි මහතා ‘එක රටක්-එක නීතියක්’ සදහා පත්කරනු ලැබූ කාර්ය සාධක බළකායට සිය විරෝධය පළ කරමින් සිය ඉල්ලා අස්වීම ලබාදෙනු ලැබිණි.

එහිදී ඉකුත් දින කිහිපය පුරාම ජනාධිපතිවරයා හා අලි සබ්‍රි මහතා අතර සාකච්ජා වට කිහිපයක්ම පැවැත්වී ඇති අතර එහිදී අදාළ කාර්ය සාධක බළකාය විසින් දෙනු ලබන නිර්දේශ අධිකරණ අමාත්‍යංශය විසින් සලකා බැලීම සම්බන්ධයෙන් දෙදෙනා අතර එකගතාවක් ඇතිව තිබෙන බව දැනගන්නට තිබේ.

ඒ අනුව ඉදිරි දිනෙකදී අදාළ ගැසට් පත්‍රය යළි සංශෝධනය කෙරෙනු ඇති බව වාර්තා වේ.

එමෙන්ම තමා හා විදේශ කටයුතු අමාත්‍යංශ ලේකම අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා අතර කිසිදු ගැටලුවක් නොමැති බවත්, අප දෙදෙනා ඉතාම සමගියෙන් කටයුතු කරන බවත් විදේශ අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා පැවසීය.

ඒ මහතා පෙන්වා දුන්නේ යම් යම් මාධ්‍ය අප දෙදෙනා අතර ගැටුමක් ඇති බව කියා සිටියත් එය සම්පූර්ණයෙන්ම අසත්‍ය බවකි.

කෙසේවෙතත් අමාත්‍යවරයා හා අමාත්‍යංශ ලේකම්වරයා අතර ස්කොට්ලන්ත සංචාරය අතරතුරදී මතබේදයක් මතුව ඇති බවත්, අමාත්‍යවරයාගේ නම් ලයිස්තුවෙන් එක් පුද්ගලයකු ඉවත් කිරීම ඊට හේතුව බවත් මාධ්‍ය මීට පෙර වාර්තා කොට තිබිණ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More